Image

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

රේගුවේ රඳවා ගත්, දෙමළ ලේඛක දීපචෙල්වන් ගේ කෘති නිදහස් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පැවැත්වූ සාකච්ඡාවකට දීපචෙල්වන් සමග ඔහුට සහයෝගයක් වශයෙන් අපි සහභාගි වුණෙමු.

පළමුවෙන් කිව යුත්තේ ලේඛකයෙකුට තමන් ලියූ කෘති සම්බන්ධයෙන් බලධාරීන් ඉදිරියේ මෙලෙස කරුණු දැක්වීමට සිදුවීම ම අසාධාරණයකි. එහෙත් පීඩිත ජාතියක් නියෝජනය කරන ලේඛකයකු වශයෙන් දීපචෙල්වන්ට මෙවැනි සාකච්ඡාවකට එකග වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.

එම සාකච්ඡාවට සංස්කෘතික කටයුතු ඇමතිවරයා ද( සංස්කෘතික ඇමතිවරයා සාකච්ඡාව මගදී වෙනත් රාජකාරියක් සඳහා ඉන් ඉවත් ව ගියේය), නියෝජ්‍ය ඇමති වරයා ද, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයා ද ලංකා කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ සහාකාර අධ්‍යක්ෂකවරයෙකු ද සහභාගි වූහ.

ලේඛක දීපචෙල්වන් ගේ කෘති හතරක් පිළිබඳ ප්‍රශ්න පවතින බව රේගුව පාර්ශවයෙන් දැනගන්නට ලැබුණු අතර එය නිදහස් කිරීම පිළිබඳ නිශ්චිත තීන්දුවකින් තොරව සාකච්ඡාව අවසන් කෙරිණ. ලේඛකයා වෙනුවෙන් අපට කතා කිරීමට ඉඩ ලැබුණේ ඉතා ටික වේලාවකි. රජය වෙනුවෙන් කතා කළ සාහිත්‍ය සහ කලා මණ්ඩලවල සාමාජිකයන් මේ කෘති පිළිබඳව ඔවුන්ගේ අදහස් දක්වන වාර්තාවක් සකස් කර ඇති බවද එය රේගුව වෙත ඉදිරිපත් කරන බව ද එය ප්‍රසිද්ධ කිරීමට අදහසක් නැති බව ද පැවසී ය. කෘති නිදහස් කිරීම පිළිබඳ තීන්දුව ගනු ලබනු ඇත්තේ ඉන්පසුව ය. ඊට ද දිනයක් දැනගන්නට නොලැබිණි.

ඊයේ සිට කිලිනොච්චියේ සිට පැමිණි දීපචෙල්වන් හිස් අතින් ගෙදර ගියේ ය.

නැවත නැවතත්, අපට ලැබී ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබද සීමා මායිම් දැනගෙන තදබල මානසික විඩාවකින් අපිදු ගෙදර ආවෙමු.

එපමණි. බොහෝ දේ ලිවීමට ඇතත් පසුවට කල් තබමි.

වැඩිදුර විස්තර දීපචෙල්වන් වෙනුවෙන් අද එහි එක්වූ ලේඛක සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසෙහි පොදු ස්ථාවරය පිළිබඳ ප්‍රකාශයක් ලෙස පසුව ඉදිරිපත් කෙරෙනු ඇත.

Kathyana Amarasinghe

672686288 1001292599228436 4198029462117375180 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න