Image

'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) කමිටුව රැස්වෙයි

'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) කමිටුව රැස්වෙයි

'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පැවැත්විණි.

'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන යටතේ 2026 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප වන අයුරින් සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, හුදෙක් රාජ්‍ය ව්‍යාපෘතියකට පමණක් සීමා නොවී, මහජනතාවට වඩාත් සමීප ව්‍යාපෘති තුළින් 'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන තවදුරටත් ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

තවද, පසුගිය වසරේ ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරුණු අතර ඉදිරි වර්ෂය සඳහා වන ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

672680503 1541669420662615 7993989588860644350 n

672680503 1541669373995953 3073789754158272292 n

671554462 1541669450662612 7061849820098501786 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න