අප සමග ඉතා ළෙංගතු ළබැඳියාවක් තිබූ ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ජීවිතයෙන් සමුගැන්මේ පණිවිඩය අප තුළ ඇතිකළේ දැඩි ශෝකයක් යැයි ඉමිතියාස් බාකිර් මාකාර් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ජීවිතයෙන් සමුගැනිම වෙනුවෙන් සිය face book පිටුවෙහි සටහනක් තබමිනි.
මතු පළ වන්නේ එම සටහන යි.
බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක්
මට එතුමන් සමග තිබූ සම්බන්ධය මෙන්ම, එතුමන්ගේ පියතුමන්ට ද මගේ පියතුමන් සමග තිබූණේ සමීප සම්බන්ධයක්. තමන් උපන් ගම සමගත්, ගම්වැසියන් සමගත්, ගමේ දේවස්ථානය සමගත් කැමිලස් පියතුමන්ට තිබුණේ සමීප සම්බන්ධතාවයක්. මා ප්‍රාථමික අධ්‍යාපනය ලද කළුතර සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පතිධුරය දැරූ වකවානුව තුළ අධ්‍යාපනය අතින් මෙන්ම ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ගෙන් ද විද්‍යාලය ඔසවා තබන්නට කැමිලස් පියතුමන් ඉටුකළ මෙහෙවර මට සිහිපත් වෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබා තිබූ කැමිලස් පියතුමන්ට මහා සංඝරත්නය සමග මෙන්ම සෙසු ආගමික නායකයන් සමග ද තිබුණේ සමීප මිත්‍රත්වයක්.
අනපේක්ෂිත සමුගැන්මක්
"ඥනාර්ථ ප්‍රදීපය" කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය දරමින් එහි අලෙවි ය ඉහළට ගෙනයමින් සහ ජීවිතයේ අවසන් අවදියේ දී අසනීපවන්නට පෙර, කෙටි කාලයක් කතෝලික විශ්වවිද්‍යාලයක අධිපතීත්වය දරමින් අධ්‍යාපනය වෙනුවෙන් සහ කතෝලික දහම වෙනුවෙන් තම වගකීම් ඉටුකරන්නට උන්වහන්සේ කැපවී සිටියා. කතෝලික සභාවට මෙන්ම රටටත්,ලෝකයටත් පුළුල් මෙහෙවරක් කළහැකි අයෙකු ලෙසින් අප මහත් බලාපොරොත්තු තබා සිටි කැමිලස් පියතුමන්ගේ අනපේක්ෂිත සමුගැන්ම සැබැවින්ම වේදනා සහගතවුව ද, දේව කැමත්ත අප භාරගතයුතු වෙනවා. අප ගම් ප්‍රදේශයට ගෞරවය ලබාදෙමින්, ගතකළ තම ජීවිතය නිමාවට පත්කරමින් සමුගෙන යන ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ට මොක්සුව පතන්නෙමි.
Imthiaz Bakeer Markar
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
