අද වන විටත් රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් නොමැති අතර රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එක් කතාවක් ද, අනිල් ජයන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා තවත් විග්‍රහයක් සිදු කරන මොහොතක රටේ ජනතාවට මේ සිදුවූ දේ ගැන නිවැරදි සත්‍යවාදී තොරතුරු ලබා ගැනීමට අයිතියක් තිබිය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනුනායක දුරන්දර ශ්‍රී කල්‍යානි යෝගාස්වර දුරන්දර ත්‍රිපිටවාදී නා උයනේ ආරියධම්ම ස්වාමීන් වහන්සේගේ 87 වන ජන්ම දිනය සහ 10 වැනි ගුණ සමුරුවට සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පරීක්ෂණ කරන කමිටුව පත් කරන්න මාර්තු වන තුරු සිටියේ ඇයි...?
මේ ගැටලුව නිර්මාණය උණේ ඔස්ට්‍රේලියානු ණය හිමිකරුවා ලෙස පෙනී සිටි ව්‍යාජ ණය හිමිකරුවකු නිසා හෝ ණය හිමිකාර ඔස්ට්‍රේලියානු පාර්ශ්වය නිසා හෝ අප රටේ ණය කළමනාකරණ හෝ විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව නිසා සිදුවූ අඩුපාඩුවක් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. මේ කරුණු කාරණා ගැන විධිමත් තොරතුරක් රටට ඉදිරිපත් කරන්න මේ රජය අපොහොසත් වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන ආකාරයට ජනවාරියේ මේ ගැටලුව හඳුනාගෙන මාස ගණනාවක් මේ රහස්‍යභාවය රැකගෙන පරීක්ෂණය විධිමත්ව සිදු කළ බව පැවසුවා. ඔහු මේ ගැටලුව ජනවාරියේ හඳුනා ගත්තත් මේ ගැන පරීක්ෂණ කරන කමිටුව පත් කරන්න මාර්තු වන තුරු සිටියේ ඇයිද කියා ගැටලුවක් පවතිනවා. මේ තොරතුරු හෙළිදරව් වන තෙක් මුදල් පිළිබඳ ප්‍රධාන වගකීම ඇති පාර්ලිමේන්තුවට මේ හොරකම ගැන දැනුවත් නොකළේ ඇයි ද යන්නත් බරපතළ ගැටලුවක්.
ජාත්‍යන්තරයට රට ගැන නරක පණිවිඩයක්
අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි සිදුවීමක් ඉන්දියාවත් සමග ගණුදෙනුවක දී සිදුවූ බවට ප්‍රකාශ කරා. මේ ප්‍රකාශයේ සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු යි. ඔස්ට්‍රේලියානු රජය සමග සිදුවූ ගණුදෙනුව සේම ඉන්දියාව සමග සිදුවූ ගණුදෙනුවේ දී ද මුදල් අහිමි වී ඇත්නම් සත්‍ය රටට පැහැදිලි කළ යුතු යි. මාස ගණනාවක් මේ කරුණ සඟවා තිබ්බේ ඇයි ද කියන එක ගැටලුවක් වගේ ම එය බරපතළ ක්‍රියාවක්. මේ සිදුවූ දේ ඉතාම බරපතළයි. අප රට සෛරී වගකීම් රැසක් ක්‍රියාත්මක කරන්න බැඳී ඇති රටක්. මේ සෛරී වගකීම් ක්‍රියාත්මක කිරීමේ දී රටක්, රජයක් හා මුදල් අමාත්‍යාංශයක් ලෙස අකාර්යක්ෂම කටයුතු කරන්නේ නම් අප රට ගැන නරක පණිවිඩයක් ජාත්‍යන්තරයට යනවා. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ගැන කතා කරන සෘජු විදේශ ආයෝජනවලට අමතරව කර්මාන්ත හා ව්‍යවසාය දියුණු කරන්න මෙවැනි තත්ත්වයක් උඩ නම් නොහැකි යි. අපේ රට ගැන පැහැදිලි දැක්මක් මේ නිසා ලොවට ඉදිරිපත් කළ නොහැකි යි. මෙය ආයෝජන ප්‍රවර්ධනයට බාධාවක්.
රජය කාර්යක්ෂම නොවන බවට සනාථ වී අවසන්
විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණ සභාවක් මේ වෙනුවෙන් පත් කිරීම රජයේ යුතුකමක්. ප්‍රශ්න සහගත වංචාව සිදුවූ ආයතනයෙන් නිලධාරින් පත් කර මේ පරීක්ෂණ සාධාරණව ක්‍රියාත්මක කළ නොහැකි නිසා විනිවිදභාවයෙන් යුක්ත නිර්ව්‍යාජ පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු යි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා මේ ගැන ගන්නා විධිමත් ක්‍රියාමාර්ග රට දැනුවත් කළ යුතු යි. මේ වංචා සහගත හොරකම තුළින් මේ රජය කාර්යක්ෂම නොවන බවට සනාථ වී අවසන්. මුදල් අමාත්‍යාංශයේ සයිබර් ආරක්ෂාව තහවුරු කළ නොහැකි නම් රටේ අනෙකුත් ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව ගැන හිතාගත හැකි යි. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඇත්ත කතා කළ යුතු යි. මේ සිදුවීමෙන් රජයේ නොහැකියාව අදක්ෂකම අකාර්යක්ෂමතාව රටටම ප්‍රදර්ශනය කර තිබෙනවා. සුහුරු රාජ්‍ය පාලනය වෙනුවට වත්මන් රජය අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
