ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර සුහද හමුවක් ඊයේ (23) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය.
එම හමුවේ දී, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමෙන් පසුව ද නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් තානාපතිවරයා ගේ අගය කිරීම ප්‍රකාශ කළේ ය. එසේම දෙරට අතර ඓතිහාසිකව පවතින සබඳතාව සිහිපත් කළ ඔහු තව ද යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය යම් පුරාවස්තු ශ්‍රී ලංකාවට නැවත ගෙන ඒමට අදාළව සිදුකරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් ද ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේ ය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධ ප්‍රගතිය, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේ ය.
එසේම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කමක් සහිත පිහිටීම හේතුවෙන් අත්කර ගත හැකි ආර්ථිකමය වාසි සහගත තත්ත්ව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
