ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ ( 27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2026 වසරේ මේ දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි වැඩපිළිවෙළ සැකසීම මෙහි ප්‍රධාන අරමුණ විය.
බදු ආදායම් ක්ෂේත්‍රය පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම මට්ටමකට ගෙන ඒම සහ දැනට පවතින හිඟ බදු අය කර ගැනීම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.
දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය සහ නවීන තාක්ෂණය භාවිත කිරීමේ (Digitalization) වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා හඳුන්වා දීමට නියමිත "ජාතික e-invoicing පද්ධතියේ" ප්‍රගතිය සහ ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම පිළිබඳවද මෙහිදී විමසා බලන ලදී.
මෙම සමස්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුවක් තුළ කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
