Image

පාසල් ක්‍රිකට් ඉතිහාසයේ රන් සළකුණ : 20 වන රන්මහා සටන

පාසල් ක්‍රිකට් ඉතිහාසයේ රන් සළකුණ : 20 වන රන්මහා සටන

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ රනින් සටහන් වී ඇති මහා ක්‍රිකට් තරඟයක් වනුයේ කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන යි.

2006 වර්ෂයේ දී ආරම්භ වූ රන් මහා සටන මේ වසරේ දී පැවැත්වෙන්නේ 20වන වරට ක්යි. ආරම්භයේ සිටම දෙදින ක්‍රිකට් තරඟයක් ව පැවති රන් මහා සටනේ ජයග්‍රහණය ප්‍රථම වතාවට කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය ලබාගන්නේ 2014 වර්ෂයේ දී ය. ඒ බිනුර ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ. එතැන් සිට 2025 වර්ෂය දක්වාම රන්මහා සටන ජය පරාජයකින් තොරව අවසන් වුනේ රන් මහා සටනේ කුසලානය තවමත් ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ තබාගනිමින්.

රන් මහා සටනේ ප්‍රථම වරට ද්විත්ව ශතකයක් වාර්තා කිරීම කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය ක්‍රිකට් නායක ගවිරු සෙනෙහස්ට හැකිවුනේ රන්මහා සටන මහා ක්‍රිකට් තරඟයේ ඉතිහාසගත වාර්තාවක් සනිටුහන් කරමිනි. එසේම කොළඹ මහානාම විද්‍යාලයේ මලිඳු මදුරංග ප්‍රථම වරට ලකුණු 1000ක් ලබාගැනීමට ද සමත් වුණා. මෙවර 20වන රන්මහා සටනේ කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරන දුල්නිත් සිගේරා සහ චාමික හීනටිගල යන අය 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්. ආරම්භයේ සිටම දෙදින ක්‍රිකට් තරඟයක් ව පැවති රන්මහා සටන තෙදින ක්‍රිකට් තරඟයක් බවට පත්වන්නේ 2025 වසරේ සිටයි. එමෙන්ම පාසල් ද්විත්වය අතර මෙතෙක් පැවැත්වුණු අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය සඳහා වූ එක්දින තරඟ අතරින් තරඟ 12ක ජයග්‍රහණය මහානාම විද්‍යාලය ලබාගත් අතර තරඟ 4ක ජයග්‍රහණය හිමිකරගත්තේ කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය යි. ඒ අනුව 2016 වසරේ සිට අඛණ්ඩව පිට පිට 8 වතාවක් කොළඹ මහානාම විද්‍යාලය රන්මහා සටනේ එක්දින ගැටුම් ජයගැනීමට සමත් වුණා. 2025 වසරේ දී ප්‍රථම වතාවට පැවැත්වූ K. N. P. De Silva අනුස්මරණ කුසලානය සඳහා වූ 20යි 20 ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය හිමිකරගත්තේ ද කොළඹ මහානාම විද්‍යාලය යි.

ඒ අනුව මෙවර පැවැත්වෙන 20 වන රන්මහා සටනේ කණ්ඩායම් නායකයන් ලෙස කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ රන්දිශ බණ්ඩාරනායක සහ කොළඹ මහානාම විද්‍යාලයේ දුල්නිත් සිගේරා කටයුතු කරන අතර මෙවර තෙදින ක්‍රිකට් තරඟය මැයි මස 8, 9 සහ 10 යන තෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේත්, එක්දින ක්‍රිකට් තරඟය මැයි මස 17 වන වින කොළඹ SSC ක්‍රීඩාංගණයේත් පැවැත්වෙන අතර K. N. P. De Siva අනුස්මරණ කුසලානය සඳහා වූ 20යි 20 ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ මැයි මස 22වන දින කොළඹ CCC ක්‍රීඩාංගණයේදී ය.

Note :- SSC ක්‍රීඩාංගණයේ නවීකරණය කටයුතු සිදු කර ඇති බැවින් රන් මහා සටන ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ දී Toss ring එකට පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 10ක් වන අතර ඒ අතරිනුත් 6 දෙනෙක් Dialog සහ Papare ආයතන වල අයට වෙන් කර ඇති අතර ඉතිරි 4 දෙනා කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයෙන් සහ කොළඹ මහානාම විද්‍යාලයෙන් පැමිණිය හැකිය. එහි දර්ශන Papare clean feed හරහා ජනමාධ්‍ය ආයතන වෙත ලැබෙනු ඇත.

ds1

ds2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න