අප රටේ: පළාත්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම් හා උප ප්‍රාදේශීය ලේකම් ක්ෂේත්‍ර පරිපාලන ක්ෂේත්‍ර විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන බවත් පළාත් 9ම දිස්ත්‍රික් 25ම රාජ්‍ය ප්‍රතිපත්තිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන මේ පරිපාලන ව්‍යූහය මාලිමවේ දේශපාලනීකරණට සහ පක්ෂ දේශපාලන අණසක ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමට රජය කටයුතු කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (03) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පැලවත්තේ මාලිමාව රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය කෙළසනවා
''පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතියක් හරහා සෑම බල ප්‍රදේශයක ම ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයන් පත්කිරීමේ නියෝග ජනාධිපති ලේකම් හරහා ලබා දී තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරීන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කාර්යාල උපකරණ මේස පුටු ලබා දීම මෙන්ම ඒ අය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් කළමනාකරණ සේවයේ නිලධාරීන් ලබා දිය යුතු බවට ජනාධිපති ලේකම් නියෝග කර තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවලියක් සේම පරිපාලන පද්ධතියට නිග්‍රහයක් ලෙස හැඳින්විය හැකි යි. මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් මේ නියෝගය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ හරහා අවංක ස්වාධීන විනිවිදභාවයෙන් යුත් සේවාවක් ජනතාවට ඉටු කළ නොහැකි යි. ක්ලීන් ශ්‍රී ලංකා නිලධාරීන්: ආණ්ඩුකාරයා, පළාත් ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ටත් වඩා උඩින් වැඩ කරන තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.
පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතිය නැවැත්විය යුතු යි
රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය මේ නිසා නැති වී දේශපාලනීකරණය වෙලා. මේ පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතිය නැවැත්විය යුතු යි. අමුතුවෙන් දේශපාලන පත්වීම් නොදී දැනටමත් සිටින රාජ්‍ය නිලධාරීන් මේ සදහා යොදාගත හැකි යි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මධ්‍යගත පරිපාලන පද්ධතිය ප්‍රාලේ මට්ටමින් විමධ්‍යගත කළේ ජනතාවට සේවයට ඉටු කිරීම සඳහා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේවා බිහි කළේ රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීමට නොවෙයි. මීට පෙරත් මෙවැනි දේ වුවත් රාජ්‍ය සේවකයන් එය පරාජය කළා. මේ ගැන හඬ නගන ප්‍රාදේශීය හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙ සංගමයට ස්තූතිවන්ත විය යුතුයි.
නින්දිත ලෙස තෙල් මිල වැඩි කිරීම හෙළා දකිනවා
මේ මොහොත වන විට රටේ තෙල් මිල නැවත වැඩි කර තිබෙනවා. මේ නිසා නිර්මාණය වන පීඩනය දරිද්‍රතාව නැතිබැරිකම වැඩි වෙලා. දරුවාගේ සිට වැඩිහිටි පුරවැසියා දක්වා සියලු දෙනා ම, ලක්ෂ 220 ම අසීමිත පීඩනයට අසහනයට නතුවෙලා. තෙල් ගත් මිල ගැසු බදු මිල ලාභය ගැන රජය මේ වන තුරු අනාවරණය කර නැහැ. සියලු දේ සඟවලා. ඉන්ධන ලබා දෙන්නේ වරායේ ගොඩබාන මිලට කිව්වට දැන් ඒ කිසිවක් නැහැ. ලෝකයේ සෙසු රටවල් තෙල්වලට ගහන බදු අඩු කර ඉවත් කර ඇති මොහොතක අප රටේ එය නොකරන්නෙ ඇයි...? මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවත් රජය කරන්නේ බොරුවක්. මැතිවරණ සමයේ තෙල් මිල සූත්‍රය ඉවත් කරනවා කිව්වට රජය IMF එකේ සුවච කීකරු ගෝලයන් වෙලා. දැන්වත් මේ පීඩනකාරී තත්ත්වය තුළ තෙල් සඳහා ඇති බදු අඩුකළ යුතු යි. දැන්වත් පාරිභෝගික ජනතාව පීඩනයට ලක් නොකරන ලෙස ඉල්ලා සිටිනවා. නින්දිත ලෙස තෙල් මිල වැඩි කිරීම හෙළා දකිනවා. දැන්වත් රටේ ජනතාවට සාධාරණය ඉටු කළ යුතු යි. බොරුව, පචය, මංමුළාව, ඇන්දවීම ප්‍රවර්ධනය නොකර තෙල්වලට ගහන බදු ඉවත් කළ යුතු යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
