Image

ලොකු පැටී ලබන 15 දක්වා යළි රිමාන්ඩ්

ලොකු පැටී ලබන 15 දක්වා යළි රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ තිස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (5) නියෝග කළේ ය.

නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ ය. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු දෙදෙනා පෙර නඩු දිනයේදි ඇප මත මුදා හැරිණි. සිද්ධියට අදාල පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර  ලබන 15 දින අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න