ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම අද (05) නියෝග කළේ ය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගාමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසත් නියෝග කළේ ය.එසේම ඇපකරුවන් ගේ පදිංචි සහතික අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.
මෙම නඩුකරය ඉකුත් 28 වනදා කැඳවූ අවස්ථාවේ දී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න සිදු කළ ඇල ඉල්ලීමට අදාළ නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා මම නියෝගය සිදු කළේ ය. සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සිදු කරමින් ජනාධිපති නීතිඥවරයා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීමේ සුවිශේෂී කරුණු ඇති බැවින් ඇප ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය සිදු කරමින් කියා සිටියේ ය.එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළ කළේ ය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය සිදු කරනු ලැබුවේ ය.
එහි දී විමර්ශන ප්‍රගතිය දැනුම් දෙමින් අල්ලස් කොමිසම මෙසේ දැනුම් දුන්නේය.
''ස්වාමීනී...,
සැකකරුගේ මව ගේ සහ පියා ගේ ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගත්තා. එම කාලයට අදාළව 1999 සිට 2015 දක්වා ගිණුම් වාර්තා බැංකුව සුරක්ෂිත කර නැති බව දැනුම් දුන්නා. එම කාලයට අදාළ වාර්තා සක්‍රිය නැති බවයි දැනුම් දුන්නේ. වාර්තා පවත්වාගෙන යා යුතු කාලය අවසන් බවට බැංකුව දැනුම් දුන්නා.
අල්ලස් මුදල සැකකරු ලබා දී ඇත්තේ ඔවුන් ගේ ගිණුම්වලින් බවට ප්‍රකාශ ලබා දී තිබුණා. ඒ අනුවයි විමර්ශන සිදු කෙරේ. අල්ලස් මුදල ලබා දුන් SL Agro ආයතනයේ සිංගප්පූරු ශාඛාවෙන් මුදල් බැර වී තිබෙන බව විමර්ශන අනාවරණය කර තිබෙනවා.එම මුදල් සදිසි මීඩියා ආයතනයට බැර වී තිබෙනවා. එහි හවුල්කරුවෙකු වන සමන් සම්පත් යන අයගෙන්ම ප්‍රකාශ ලබා ගත්තා. ඔහු ගේ ප්‍රකාශයට අනුව 2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු කර තිබෙන්නේ සදිසි මීඩියා ආයතන බවට ප්‍රකාශ ලබා දී තිබෙනවා. එහි සම්බන්ධීකරණ කටයුතු කර තිබෙන්නේ ෂමින්ද්‍ර රාජපක්ෂ යන අය බවටත් මුදල් ගෙවීම් කටයුතු කර තිබෙන්නේ ඔහු බවටත් ඔහු ප්‍රකාශ ලබා දී තිබෙනවා. මුදල් ලැබීම්වලට අදාළව සාරංග යන අයෙකු ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. SL Agro ආයතනයෙන් සදිසි මීඩියා ආයතනයට මුදල් ගෙවා තිබෙන්නේ සාරංග යන අයයි. ඊට අදාළ විමර්ශන සිදු කරනවා.
ස්වාමීනී ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න සහ විලී ගමගේ යන මහත්වරුන්ට ප්‍රකාශ ලබාදෙන ලෙස මේ වන විටත් දැනුම් දී තිබෙනවා.
එසේම දැනට විදේශ ගතව සිටින ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.''
මහේස්ත්‍රාත්වරයා
''ඊට සාක්ෂි විමසීමක් සිදු කළ යුතු ය. එසේ නොමැති නම් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි.''
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
එසේය ස්වාමීනි... ඉදිරි දින සාක්ෂි විමසීම අදාළ පියවර ගන්න ගන්නවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව වැඩිදුර වාර්තා සදහා ලබන ජූලි මස 14 තෙක් කල් තබන ලෙස නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
