බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍යට අදහස් දක්වමින් කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමේ සිද්ධියට අදාළව උන්වහන්සේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පවරා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේ ය.
පොලීසිය මේ බව කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.
නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගත් බව පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුවකැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියේ ය. නොතිසියක් ලද විගස මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේ ට අවවාද කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
