තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවන ලද ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක විමර්ශන ඒකකය අද (6) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පරිඝණක සංසදය CERT ලවා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එම ආයතනයට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.
තවමත් සැකකරුවකු අනාවරණය වී නැහැ
අවස්ථා දෙකක දී මෙම මුදල් බැර කර ඇති බවත් ඊට අදාළව ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන් ගේ සහ නියෝජ්‍ය තැපැල්පතිවරයා ගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මෙතෙක් සැකකරුවෙක් අනාවරණය වී නැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය. එමෙන්ම පරිඝණක අපරාධ පනත, පොදු දේපළ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කරන බවත්, ඊට අදාළව තැපැල්පතිවරයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
2023 සිට වෙනත් පරිබාහිර ඊමේල් පණිවිඩ මගින් ගෙවීම් කරන ලෙස දැනුම් දීලා
මෙලෙස ඒවූ ඊමේල් නවයක් අතුරින් තුනකට ගෙවීම් කර ඇත. Universal postal unit නැමැති ආයතනය හරහා සිදු කරන ගනුදෙනුවලදී රටවල් 172 තුළ සිටින රටක් ශ්‍රී ලංකාව යැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2025.02.10 දා ඇමරිකානු ඩොලර් 435864.62ක් සහ 2025.10.16 දා ඇමරිකානු ඩොලර් 190881.37ක් ලෙස මෙලෙස ගෙවීම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
