පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සැක පිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණ නියෝග ප්‍රකාරව පසුගිය අප්‍රේල් මස 22 දා අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබී ය.
නිතිඥ අසිත් සිරිවර්ධන ඇතුළු නිතිඥ මඩුල්ල විසින් සිදු කළ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහු අධිකරණ මානසික වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක් වෙත ඉදිරිපත් කරන ලෙසත් සැකකරු අක්ෂි රෝහලට යොමු කරන ලෙසත් පෙර නඩු දිනයේ නියෝග නිකුත් කර තිබුණි.
එම සිද්ධියට අදාළව රඳවා ප්‍රශ්න කරන සුරෂේ සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද, අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත රැගෙන ගොස් තිබුණි.
එම වාර්තා සාමාන්‍ය තත්ත්වයේ බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
