මාලිමා ආණ්ඩුවේ නවතම වංචාව පිට රටින් ආයනය කරන පිරිපහදු නොකළ පොල් තෙල් සඳහා වැට් බදු අය නොකිරීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙම හෙළිදරව්ව කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
හදිසි නීතිය දීර්ඝ කරන හේතුව
" බොරු කියනවා කියලා, පච කියනවා කියලා මෙහෙමත් පච කියන්න පුළුවන්ද...? දැන් කලින් කිව්වා ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම ස්වාභාවික ආපදාව මේ 'දිට්වා' සුළි කුණාටුවලු. එතකොට සුනාමිය මොකක්ද?
ඒ නිසා ගරු මූලාසන සභාපතිතුමියනි, මිනිස්සු අන්දලා ඒකට විරුද්ධව මිනිස්සු කෑගැහුවහම බය කරන්න තමයි මේ හදිසි නීතිය දීර්ඝ කරන්නේ. ඒ නිසා අපි කියන්න කැමතියි ගරු මූලාසන සභාපතිතුමනි, ජනතාව හීන ලෝකෙට එක්කන් ඇවිල්ලා මේ විදියට තමයි කටයුතු කළේ. හැබැයි අපි විපක්ෂය විදිහට විපක්ෂයේ කාර්යභාරය කරපු හින්දා තමයි රන්වලගේ බොරුව එළිදක්වලා රන්වලට අයින් වෙන්න මාස තුනක් යන්න කලින් සිද්ධ වුණේ.
පොල් තෙල්වලට වැට් බදු අය නොකරන්නේ ඇයි...?
ඒ වගේම තමයි අපි කන්ටේනර් 323 වංචාව එළි කළේ. කට වහන්න හැදුවා, ඒක හරිගියෙත් නැහැ. දැන් ජනාධිපතිවයි, ඇමතිවයි, කමිටුවට කියන එක බහුතරය පාවිච්චි කරලා අද නැවැත්වුවාට, ආණ්ඩු මාරු වෙච්ච දවසකට නවත්වන්න හම්බවෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාරිකයන්ගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවක් විදිහට එක ව්‍යාපාරිකයෙකුට මල්ටි ප්ලග් මේ හරහා ඩීල් එක දාද්දී ඒකත් එළි කළේ මේ විපක්ෂය මේ ආණ්ඩුවට බය නැති හින්දා. ගල් අඟුරු වංචාව හරහා නැව් නවයක විතරක් පාඩුව මිලියන 8,497යි. තව නවයක පාඩු වෙන්න තියෙනවා, ඒක තව සති දෙකකින් එළි වේවි. ඒවා එළි කරලා අන්තිමට මෙතන උන්මත්තකකමින් තක්කඩිකමින් හිටපු ඇමතිට අස් වෙන්න සිද්ධ වුණා. ජනාධිපතිතුමා ඇවිල්ලා මේක බේරගන්න හැදුවා ඒත් හරිගියේ නෑ. මේ රටේ මහා ජනතාව පෙළගැස්වුවහම ඇමතිට ඉල්ලා අස්වෙන්න වුණා. එහෙම විතරක් නෙමෙයි ගරු මූලාසන සභාපතිතුමියනි, දැන් අලුත්ම වංචාවක් ඇවිල්ලා තියෙනවා. අලුත්ම වංචාව තමයි දැන් පහුගිය ආණ්ඩු කාලේ මේ රටට පිරිපහදු නොකර පොල්තෙල් ගේනකොට වැට් බදු දාන්න යෝජනා කරලා තිබ්බා. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක අය කරන්නේ නැහැ. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ 5 වෙනිදා මම අගමැතිතුමියගෙන් ප්‍රශ්නයක් ඇහුවම අගමැතිතුමිය පිළිගත්තා අය කරගන්න ඕන අය කරනවා කියලා. දැන් මේ අවුරුද්දේ මැයි මාසේ. අවුරුද්දකුයි මාස තුනක් ගිහිල්ලත් තාම අය කරගන්න බැහැ. පොල්තෙල් මිලියන 63,000ක් ගෙනල්ලා තියෙනවා. කිලෝ එකකට රුපියල් 120 ගානේ මිලියන 8,000ක් බදු අය කරගන්න ඕන.
මෙතන අගමැතිතුමිය පිළිඅරගෙන, වසන්ත සමරසිංහ වෙළඳ ඇමති පිළිඅරගෙන, නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත පිළිඅරගෙන, මාස 15ක් තිස්සේ මේ මිලියන 8,000 අය කරගන්නේ නැත්තේ පැලවත්ත අරමුදලට උදව් කරනවාද දන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන කාට හරි මොනවා හරි උදව් ලැබෙනවාද දන්නේ නැහැ. ඇයි අගමැතිනිය පාර්ලිමේන්තුවට කියලා ඉවරවෙලා මේක අය කරගත යුතුයි කියලා අඩුම ගානේ සමාගම්වලට තක්සේරුකරුවෝ යවලාවත් නැහැ. ඒ නිසා මේ මිලියන 8,000, මේ බිලියන අට වංචාවක් කියන එක තමයි අපට කියන්න තියෙන්නේ.
ආණ්ඩුවේ වංචා නිසා මිලියන 18,220ක් ජනතාවට අහිමි වෙලා
ගරු මූලාසන සභාපතිතුමනි, '76 අවුරුද්දේ සාපය' කියාගෙන ඇවිල්ලා මේ 76 අවුරුද්දේ ණය ගෙවලා තියෙනවා ඕන තරම්. මහා ලොකු 'ඇවිදින පුස්තකාල' ගෙනාවා. මුදල් ලේකම්ව ආනයනය කළා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඩොලර් මිලියන 2.5 යනකම් මුදල් ලේකම් දන්නේ නැහැ. හැකර්ලු! මාර නාට්‍ය. හැකර් නම් හැකර් ඇවිල්ලා සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා කාගෙවත් අනුමැතියකින් තොරව සල්ලි ගන්න ඕන. මේක 14 දෙනෙක් අනුමත කරලා තමයි අරන් තියෙන්නේ. තැපැල් දෙපාර්තමේන්තුවෙන් යවපු ඩොලර් ලක්ෂ හයත්, අස්වැසුමෙන් දෙපාරක් ගෙවපු මිලියන 500ත්, එන්.ඩී.බී. බැංකුවෙන් ගෙවපු මිලියන 13,500ත් හැකර් ද . මේවා එකතු වුණාම මේ නොහැකියාව සහ දුර්වලකම හින්දා, වංචා හරහා මිලියන 18,220ක් ජනතාවට අහිමි වෙලා තියෙනවා. එක්කෝ කාගේ හරි සාක්කුවකට ගිහිල්ලා තියෙනවා. කරුම වැඩේ කියන්නේ ජනාධිපතිතුමාගේ යාළුවන්ට තමයි මේ ඔක්කොම. ගල් අඟුරු වංචා චෝදනාව තියෙන්නේ ජනාධිපතිගේ යාළුවෙකුට. මේ මුදල් අහිමි වීමේ චෝදනාව තියෙන්නේ ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආනයනය කරපු යාළුවාට. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි, මේවා මේ සුරංගනා කතා කියලා ඉවරවෙලා හදිසි නීතිය දාලා කටවල් වහන්න බැහැ. හර්ෂණ සූරියප්පෙරුම මුදල් ලේකම් මේකට වගකියන්න ඕන, ඔහු ඉල්ලා අස්විය යුතුයි. ඔහු ඉල්ලා අස්විය යුතුයි. එයාලා තමයි දැන් හෑන්ඩල් කරන්නේ. 'Rebuilding Sri Lanka' වලටත් දෙවියන්ගේ පිහිටයි.
EPF, ETF නොගෙවීම හේතුවෙන් නඩු තියෙන කම්පනියකට සෝලා බැටරි දාන්න අක්කර 1200ක්
ගරු මූලාසන සභාපතිතුමනි, ගිය ආණ්ඩුවලට බැණ බැණ වැරදි කරන්නේ නෑ කිව්වා. මෙන්න තව එකක්. ගිය ආණ්ඩු කාලේ 'United Solar' කියන කම්පනිය, EPF, ETF ගෙවාගන්න බැරුව උසාවියේ නඩු තියෙන කම්පනියකට පූනාකර් ප්‍රදේශයෙන් අක්කර 1200ක් සෝලා බැටරි දාන්න දීලා තියෙනවා. හිටපු ඇමති ජයකොඩි ඒක ඒ විදියටම තවත් ද්‍රවිඩ පක්ෂ නායකයෙක් එක්ක එකතු වෙලා දීලා තියෙනවා. මෙන්න ඩොකියුමන්ට් දෙකක්ම තියෙනවා. ඕන නම් දෙන්නම්. ඒක ඇතුළෙත් ලොකු වංචාවක් තියෙනවා. ඔබතුමන්ලා ගේ නොහැකියාව වහගන්න, හොරකම වහගන්න, වංචාව වහගන්න හදිසි නීති නෙමෙයි මොන නීතිය ගෙනාවත් මහජන නැගිටීම නවත්වන්න බැහැ. ජනාධිපතිතුමා අපිට අභියෝග කළා මාධ්‍ය හමු නැතුව පුළුවන් නම් රැස්වීමක් තියලා පෙන්වන්න කියලා. අපි කරලා පෙන්වුවා මැයි දිනය. ගෝඨාභය පන්නලා ගියේ ඇප නැති වෙලා. ලබන පාර පාර්ලිමේන්තු එන්න හම්බවෙන්නේ නැහැ ඔයාට. ඔය රැල්ලට ගහන් යන රොඩු තමයි ඔයත්. හෝදනකොට රොඩු ඔක්කොම යට වෙලා යනවා. ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා තමන් ගේ ආත්මගෞරවය බේරගන්න මේ වෙනුවෙන් කටයුතු කරන්න. මොකද අපිත් හිතුවා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වෙනකොට 'ඔන්න අපේ පන්තියේ මිනිහෙක් ජනාධිපති වෙලා තියෙනවා' කියලා. ඒ පන්තියට මොන සාධාරණයක්ද වුණේ? හාල් මිලේ ඉඳලා, ප්ලේන්ටියේ ඉඳලා, කරන්ට් බිලේ ඉඳලා, බෙහෙත් මිලේ ඉඳලා, පොත්පත්වල මිලේ ඉඳලා ඔක්කොම කෙළියා පොඩි එකාට. පොඩි එකාට කෙළලා එතුමන්ගේ යාළුවන්ටම චෝදනා.
අවසාන වශයෙන් ජනාධිපතිතුමනි, මේ මිලියන 18,220 ට හර්ෂණ සූරියප්පෙරුම මුදල් ලේකම් වගකියන්න ඕනා. ඔහු ඉල්ලා අස්කරගන්න, නැත්නම් ජාම බේරගන්න හම්බවෙන්නේ නැහැ''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
