ඉතා සංකීර්ණ ගැටලු සහ අභියෝග හමුවේ වුවත් තම අනාගත ඉලක්ක සාර්ථකව ජය ගැනීමට අධිෂ්ඨානශීලීව විනය ගරුකව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ජනරාල් ඩබ්.එම්.එස්.එන්.විජේකෝන් ප්‍රකාශ කළේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ 05වන දා පැවති ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 2024/2025 වර්ණ ප්‍රදානෝත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මේජර් ජනරාල් ඩබ්.එම්.එස්.එන්.විජේකෝන්...
නින්නදට පෙර සහ උදේ අවදි වී පැය දෙකක් ජංගම දුරකතන භාවිත කිරීමෙන් වළකින්න
''අප අධ්‍යාපනය ලැබූ කාලයේ පැවැති සමාජ තත්ත්වයන් නොව වර්තමානයේ පවතින්නේ. සමාජය ඉතා සංකීර්ණයි. ගැටලු සහගතයි. නරකට හුරුවීමේ ප්‍රවණතා වැඩියි. නවීන තාක්ෂණය පෙරට විත් තිබෙනවා. නවීන තාක්ෂණයේ තිබෙන වාසවලට වඩා දරුවන් උකහා ගන්නේ එහි පවතින නරක දේවල් බව පෙනී යනවා. මෙය ගැඹුරින් අවබෝධ කරගෙන කොතරම් අභියෝග පැමිණියත් තමන් ගේ දෙමාපියන් ගේ, ගුරුවරුන් ගේ, පාසලේ, අසල්වැසියන් ගේ මෙන්ම තමා ගේ ම යහපත සහ සෞභාග්‍යමත් අනාගතයක් උදාකර ගැනීමට දරුවන් සිතට ගත යුතුයි. පසුගියදා නිමාවට පත්වූ ලෝක සාම පාගමනේ යෙදුනු වියට්නාමයේ පඤ්ඤාකර හිමියෝ පැවසූ පරිදි දරුවන් ඇතුළු අප සියලු දෙනා හැකිනම් නිදා ගැනීමට පැය දෙකකට කලින් සහ අවදිවී පැය දෙකක් යන තුරු ජංගම දුරකතනය භාවිතයෙන් මිදිය යුතුයි. එය ඉතා වටිනා පණිවිඩයක්. එය අප ක්‍රියාවට නැංවිය යුතු දෙයක්. අධිෂ්ඨානශීලීව කැපවීමෙන් තමන් ගේ ජයග්‍රහණය ලබන තෙක් නොපසුබටව, විනය ගරුකව කටයුතු කිරිමට සියලු දෙනා පියවර ගත යුතුයි.''
ගම්පොළ කලාප අධ්‍යපන අධ්‍යක්ෂ එස්.එම්.සී.වීරකෝන්...
''දරුවන් විෂය කරුණු පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කළ යුතුයි. දරුවන්ට විෂය දැනුම පමණක් ලබාදීම අධ්‍යාපනය නොවෙයි. අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ නිපුණතා, කුසලතා වලින් පිරි ගුණ යහපත් දරු පරපුරක් බිහි කිරීමයි.''
ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී එච්.එම්.පී.පී.හේරත්...
අපේ පාසලේ දියණිවරු ක්‍රීඩා අංශයෙන් කලාප, මධ්‍යම පළාත්, සමස්ථ ලංකා පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. ඔවුන් විදුහල් මාතාවට ගෙනත් දුන්නේ ඉමහත් කීර්තියක් මෙන්ම ගෞරවයක්. වැඩිදුරටත් අපේ දියණිවරු දිරිමත් කිරීමට ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, සුබ පතන්නන් එක්ව මෙවන් අභිමානවත් වර්ණ රාත්‍රියක් පැවැත්වීම අගය කළ යුතුයි.
මෙහි දී: මලල ක්‍රීඩා, ශිෂ්‍ය භට, නෙට් බෝල්, වොලි බෝල්, චෙස්, ජූඩෝ, කරාටේ, ක්‍රිකට්, පිහිනුම්, ෆට්බෝල්, කැරම්, මේස පන්දු ඇතුළු ක්‍රීඩා ඉසව් රැසක මෙන්ම නව නිපැයුම් අංශයෙන් ජයග්‍රහණ ලැබූ දියණිවරු: සහතික පත්, කුසලාන සහ තිළිණ ලැබූහ.
මෙම අවස්ථාවේ දී පාසලේ ගුරු භවතුන් ද ඇගැයීමට ලක් කෙරිණ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය,අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, සුබ පතන්නන්, විදුහලේ දියණිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජේ.මුණසිංහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
