රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම ඊයේ (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
මෙම පෙත්සම පවත්වාගෙන යෑමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එම රීට් පෙත්සම අභියචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රජය විසින් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද කොමිෂන් සභා සහ කමිටුවල කිසිදු විමර්ශනයක දී ප්‍රහාරයට තම සේවා දායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත්, සිය සේවාදායකයා 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බවත් පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට දන්වා සිටියේ ය. එමෙන්ම පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු සඳහන් කළේ ය.
''විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ කර තිබෙනවා. අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැහැ. අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිටම පහළට දුෂිත බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර තිබෙනවා,'' යැයි ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
