Image

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන, 15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරයි

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන, 15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරයි

හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරිය ගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නිට්ටඹුව පොලිසියට අද (08) නියෝග කර ඇත.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ ගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ
බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයක දී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවූ බව ද නීතීඥවරිය පැවසුවා ය. ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම
විමසීම්වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැඳවා කරුණු දැක්වීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළා ය.

පල්ලේගම හේමරතන හිමි සැකකරුවෙකු ලෙස නම් කිරීමට අවසර

මෙම අපරාධයේ සැකකරුවකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරිය ගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි අධ්‍යක්ෂවරිය ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා ඇත. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතීඥවරිය ඉල්ලීමක් කර ඇත.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර
පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කර ඊට අවශ්‍ය අධිකරණයේ අවසරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා
ලබා දුන්නේය.

ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරිය ගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

පැමිණිල්ල වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න සහ සහකාර අධ්‍යක්ෂ නීතීඥ හංසි හලංගොඩ යන අය පෙනී සිටියහ.

චෝදනා එල්ල වන හිමිනම අත්අඩංගුවට නොගැනීම ගැන අප්‍රසාදයක්

මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සිය මුල් බී වාර්තාව මගින් කරුණු දැක්වූයේ ද එම නඩුව මෝසමක් මගින් යළි කැදවා කරුණු දැක්වූයේ ද ජාතික
ළමාරක්ෂක අධිකාරිය අද මෝසමක් මගින් යළි කැඳවා කරුණු දැක්වූයේ ද විවෘත අධිකරණයේ නොව මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ය.

මූලාශ්‍ර - BBC News සිංහල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න