Image

රනිල්, නාමල් සහ පාඨලීට එරෙහි නඩු අවසන් කරන්නැයි රජයේ ඉහළ ම තැනකින් නියෝගයක්

රනිල්, නාමල් සහ පාඨලීට එරෙහි නඩු අවසන් කරන්නැයි රජයේ ඉහළ ම තැනකින් නියෝගයක්

Viiiවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එරෙහිව පවතින නඩු කටයුතු සහ පරීක්ෂණ උපරිම කෙටි කාලයකින් අවසන් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට, රහස් පොලීසියට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.

අදාළ ආයතනවල ප්‍රධානීන් විශේෂ ස්ථානයකට කැඳවීමෙන් පසු රජයේ ඉහළම ස්ථානයකින් මේ උපදෙස් නිකුත් කර ඇත.

Viiiවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරුද්ධව එංගලන්තයේ, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රධානෝත්සවයකට රජයේ වියදමින් සහභාගී වූ බවට නඩුවක් විභාග වෙමින් පවතී. සුප්‍රකට ''ක්‍රිෂ්'' ගණුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂට එරෙහිව නඩු පවරා ඇති අතර ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකට එරෙහිව චෝදනා පවතින්නේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

ඉහත දේශපාලන නායකයින් තිදෙනාට එරෙහිව පවතින නඩු කටයුතු සහ පරීක්ෂණ මේ වසරට අදාළ රජයේ ප්‍රගතිය පෙන්වන ක්‍රියාදාමයක් ලෙස සලකා ක්‍රියාකරන ලෙස ද අදාළ ආයතන ප්‍රධානීන්නට වැඩිදුරටත් දැනුම් දී ඇත. මේ වසරේ මැද භාගය වනවිට අදාළ නඩු කටයුතු සහ පරීක්ෂණ ජනතාවට පෙන්විය හැකි ආකාරයට සිදු නොවුනහොත් තමන් ගේ තනතුරු අනතුරට ලක්වනු ඇතැයි ද ඉහත දැනුම්දීම් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රජයේ පාලනයට සම්බන්ධ ඉහළම ස්ථානවලින් ලැබුණු මේ උපදෙස් තම තමන් ගේ යටතේ තිබෙන ආයතනවල අනෙකුත් ඉහළ නිලධාරීන්ට දැනුම්දීමට ද ආයතන ප්‍රධානීන් මේ වනවිටත් පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න