Image

පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක් තවමත් ගෙවා නෑ - විපක්ෂ නායක 

පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක් තවමත් ගෙවා නෑ - විපක්ෂ නායක 

පසුගිය දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (09) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම ප්‍රකාහයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මේ රජය තාප බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාවේ ගොදුරක් වෙලා

''පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීමට කටයුතු කරනවා. ජාතික පද්ධති ක්‍රියාවලිය මේ මොහොත වන විට පසුගිය දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක මුදල් ගෙවීම පැහැර හැර තිබෙනවා. මාසිකව තවත් රු. බි. 2.5ක් ගෙවිය යුතු මුදලට එක් වෙනවා. වත්මන් රජය දේශපාලන වේදිකාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි කියූවත් රජය ඉන්ධන හා තාප බලාගාර මාෆියාවේ අතකොළුවන් බවට පත් වෙලා. මේ නිසා තාප බලාගාර හා ඉන්ධන බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවන්න රු. 100ක අධික මුදලක් වැය වුවත් ඒ සඳහා මුදල් වෙන් කරන්න රජය කටයුතු කර තිබෙනවා.

පුර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 389ක් අනතුරේ

වහල මත සවිකරණ සූර්ය බලය හැර සුළං කුඩා ජල විදුලි සහ ජෛව ස්කන්ධ ආදී ව්‍යාපෘති 389ක් අනතුරට ලක් වෙලා. සමස්ත විදුලි පද්ධතියට මෙගාවොට් 1073ක් ලබා දෙනවා. බාල ගල් අඟුරු දූෂිත ව්‍යාපෘතිය තුළ රටට විශාල මුදලක් දිනපතාම අහිමි වෙනවා. අහිමි විදුලිය නිෂ්පාදනය කළේ ඉන්ධන බලාගාර හරහා ඉහළ පිරිවැයකට යි. දහවල් කාලයේ විදුලි ඉල්ලුමෙන් 70%කට වඩා සපුරන පුනර්ජනනීය බලශක්තිය රටේ විදේශ විනිමය සුරක්ෂා කරනවා. මේ පුර්ජනනීය බලශක්තිය ඉලක්ක කර ගෙන රජය කටයුතු කරනවා.

තාප බලාගාර ප්‍රවර්ධනය කරන ලෝකයේ එකම රට අපි

පුනර්ජනනීය බලශක්තිය පෙරටු කර ගෙන ඡන්දය ගෙන දැන් තාප බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාවේ ගොදුරක් බවට පත්වෙලා. දැන් මේ පුනර්ජනනීය බලශක්ති හිමියන් බැංකුවලට පවා ණය වී ආයොජන විශ්වාස පවා බිඳ වැටිලා. මේ සදහා ආයෝජනය කරන්න සූදානම්ව සිටි ව්‍යවසායකයන් පවා අධෛර්යමත් වෙලා. මේ වැරදි ක්‍රියාවෙන් දැන්වත් ඉවත්වන්න. ලෝකය ම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරද්දි පවා තාප බලාගාරය ප්‍රවර්ධනය කරන ලෝකයේ ඇති එකම ආණ්ඩුව මාලිමා ආණ්ඩුව යි. මේ වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න