Image

AI Governance පිළිබඳ ගෝලීය සංවාදය ජූලි මස 6-7 ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී

AI Governance පිළිබඳ ගෝලීය සංවාදය ජූලි මස 6-7 ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී

වසර පනහකට පෙර සිට කරළියට ආ කෘතිම බුද්ධිය (Artificial Intelligence -AI) පසුගිය වසර කිහිපය තුළ සාමාන්‍ය ජනතාව අතර භාවිතයට එක්වී තිබේ.

මිනිසාගේ මොළය සහ මතකය භාවිත කර කරන දත්ත සැකසීම සඳහා පරිගණක මූලික වශයෙන් භාවිත වූ අතර AIවල දී සිදුවනුයේ මිනිසාගේ දැනුම් පදනම් කරගෙන සිතීමේ ශක්තිය සහ තීරණ ගැනීමේ හැකියාව විවිධ මට්ටම්වලින් පරිගණකය හරහා ලබා දීම ය. ඒ අනුව වෛද්‍යවරයකු මෙන් උපදෙස් ලබා දීම ආදී වශයෙන් විවිධ භාවිත සඳහා AI භාවිත කරයි.

දියුණු රටවලට ද යම් යම් අභියෝග

මෙම AI භාවිතය විශාල ලෙස මිනිසාට සහ ලෝකයට හිතකර ප්‍රයෝජන ලබා දුන්නද ඒ මගින් යම් අභියෝග ද ඇති කරනු ලබයි. ඩිජිටල් සම්පත් හිමි හා අහිමි පංති පරතරය එනම් ඩිජිටල් පංති බේදය හෝ Digital Divide වල නව ස්වරූපය වන කෘතිම බුද්ධියේ පංති බේදය ( AI Divide) මෙහිදී දියුණු වෙමින් පවතින රටවලට මෙන්ම ලොව දියුණු රටවලට ද යම් අභියෝග ඇති කරයි. එමෙන්ම මේ පිළිබද ප්‍රතිපත්ති, නියාමන මෙන්ම නීතිරීති නොමැතිකම නිසා විශාල ගැටලු අනාගතයේ දී ඇතිවිය හැකි ය. මේ නිසා AI දියුණුවේ ප්‍රතිලාභ ලෝකයේ සැමට සමාන ලෙස ගලා යෑමටත්, වඩාත් ආරක්ෂිතව AI භාවිතයට ගැනීමටත්, AI භාවිතය තුළ මානව හිමිකම් සුරැකීම මෙන්ම AI භාවිතය තුළ මානුෂීක අධීක්ෂණය, AI පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති රීති සැකසීම මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගීම ඉලක්ක කරගැනීමට ලෝකයට ම අවශ්‍යව ඇත.

AI Governance පිළිබදව ලෝක මට්ටමේ සංවාදයක්

2024 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත ගෝලිය ඩිජිටල් සම්මුතිය(UN Global Digital Compact) තවදුරටත් ඉදිරියට ගෙන යමින් උක්ත අරමුණු සාක්ෂාත් කරගැනීමට AI Governance පිළිබදව ලෝක මට්ටමේ සංවාදයක් (UN Global Dialogue on AI Governance) පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත. මේ පිළිබදව ශ්‍රී ලංකික ප්‍රජාව දැනුවත් කිරීම මුල්වරට ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාව දැනුවත් කිරීම TV Supreme විසින් පසුගියදා සිදු කරන ලදී. ඒ අනුව 2026 ජුලි මස 6-7 දිනවල ස්විට්සර්ලන්තයේ ජිනිවා හිදී පවත්වන මෙම ගෝලීය සංවාදය ගැන TV Supreme Good Morning වැඩසටහන මගින් කරුණු හෙළිදරව් කරන ලද්දේ ජාත්‍යන්තර වාණිජ මංඩලයේ (ICC) ශ්‍රී ලංකා ශාඛාවේ ඩිජිටල් ආර්ථික කමිටුවේ සභාපති දිලන්ත විතාන ගේ සහ තොරතුරු තාක්ෂණවේදී අබ්දුල් කරීම් යන අය විසිනි.

TV Supreme ඇගයුමට

ICC ගෝලීය මට්ටමෙන් මෙම සංවාදයට සහභාගීවන අතර මේ වනවිට ICC ශ්‍රී ලංකා ශාඛාව ලෙස මෙම එකසත් ජාතීන්ගේ ගෝලීය සංවාදයට ශ්‍රී ලංකාවේ සම්බන්ධකිරීමට ක්‍රියාකරන බව පැවසූ දිලන්ත විතානගේ මෙහි දී මෙම මාතෘකාව ශ්‍රී ලංකික ප්‍රජාව දැනුවත් කරන ප්‍රධානධාරවේ මාධ්‍ය ලෙස TV Supreme කරන පුරෝගාමී මෙහෙය අගය කළේ ය. ඩිජිටල් ආර්ථිකය ගොඩ නැගීමේදී AI මෙන්ම සයිබර් ආරක්ෂාව අතිශය වැදගත් වන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ හිටපු සභාපති දිලන්ත විතානගේ මෙහි දී රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව එකා මෙන් ක්‍රියා කිරීම ඩිජ්ටල් පරිවර්තනයට මෙන්ම ගෝලීය ආර්ථිකය සමග ක්‍රියා කිරීමේ දී අත්‍යවශ්‍ය බව පැහැදිලි කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණ කථිකාචාර්ය ලෙස සේවය කළ දිලන්ත විතානගේ 2000-2005 සමයේ පාසල් පද්ධතියට ICT විෂය හඳුන්වාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ලෙස පුරෝගාමී නායකත්වය ලබා දුන්නේ ය.

මේ ගෝලීය සංවාදය පිළිබද TV Supreme News යටතේ ද තොරතුරු ඉදිරිපත් කළ අතර ඉදිරි මාස දෙක තුළ සැම බදාදා දිනක ම උදෑසනTV Supreme ඔස්සේ මෙම විෂය ගැන ජනතාව දැනුවත් කිරීමටත්, රාජ්‍ය, රාජ්‍ය නොවන, පෞද්ගලික අංශය, මාධ්‍ය හා අධ්‍යාපන අංශ දැනුවත් කිරීමටත් නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න