Image

අලි මිනිස් ගැටුම අවම කරගන්න පුරවැසි සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අලි මිනිස් ගැටුම අවම කරගන්න පුරවැසි සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වන අලියා කියන සත්ත්වයාට දිස්ත්‍රික් මායිමක් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම: කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ද බලපාන බවත් මෙහි දී රටක් ලෙස 70%ක් අලි සිටින්නේ සංරක්ෂිත ප්‍රදේශවලින් පිට නං මේ ගැන අවධානය යොමුවිය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.

ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම කටයුතු කරයි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

කාසිකොටේ අලි උමගේ කටයුතු කඩිනම් කරන්න

''දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හොඳයි. විද්වත් කණ්ඩායම් ඉදිරිපත් කළ ජාතික ඉඩම් පරිහරණය සැලැස්ම මත පදනම්ව මිනිසුන් සිටින ප්‍රදේශවල වන අලින් සිටීම සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍ය යි. එසේම එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් වියළි තත්ත්වය වැඩි වුවහොත් අලි මිනිස් ගැටුම වැඩි වෙනවා. වගා හානි පවා වැඩි වෙනවා. ඊට අමතරව අස්වැන්න පවා අඩුවන නිසා මෙය විෂම චක්‍රයක් වෙනවා. මේ සඳහාද කඩිනම් විසඳුම් සැලසුම් අවශ්‍ය යි.

තවද කාසි කොටේ ප්‍රදේශයේ රේල් පාර යටින් අලි උමගක් හැදෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව, RDA එක සමග සම්බන්ධීකරණය වී කටයුතු කරන්න.''

මේ අවස්ථාව වෙනුවෙන්: දිලුම් අලගියවන්න, මහාචාර්ය බී. එස්. සම්පත් සෙනෙවිරත්න, මහාචාර්ය ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය එස්. විජයමෝහන්, අංජලී වොට්සන්, Dr. Andrew Kittle, දීප්ති දේවිකා වික්‍රමසිංහ, ආචාර්ය යූ. කේ. ජී. කාලිංග පද්මලාල්, පී. දුෂ්‍යන්ත රවීන්ද්‍ර සිල්වා, ශානක අරවින්ද කළුබෝවිල යන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න