Image

අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කළ චීන ජාතිකයින් 17 දෙනා ලබන 21 තෙක් රිමාන්ඩ්

අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කළ චීන ජාතිකයින් 17 දෙනා ලබන 21 තෙක් රිමාන්ඩ්

පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් කොම්පඤ්ඤවීදිය  ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි  චීන ජාතිකයින් 17 දෙනා ලබන 21 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (11) නියෝග කළේ ය.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පේරු ජාතික කාන්තාව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන් ස්පාඤ්ඤ රාජ්‍යයට අදාළ පරිඝනක මගින් මුදල් වංචා සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ වයස අවුරුදු 25-37පසුවන විදේශ ජාතිකයන් පිරිසකි. ඔවුන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

එම සැකකරුවන් හට මෙරට රැඳී සිටීමට වලංගු ගුවන් ගමන් විදේශ බලපත්‍රයක් හෝ වලංගු වීසා බලපත්‍රයක් නොමැති බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් කියා සිටියේ ය.

අදාළ සැකකරුවන් සන්තකයේ තිබී  ඇපල් වර්ගයේ ජංගම දුරකතන 399 ඇතුළු, ලැප්ටොප් පරිගණක 14ක්,  ඩෙක්ස්ටොප් පරිගණක 02 ක් සහ මුදල් රුපියල් 473,870 ක් මෙන්ම තීරු බදු රහිත දුම්වැටි 600 ක් පොලිස් භාරයට ගත් බව ද පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ ය.

විදේශීය ජාතික පිරිසක්  හෝටලයක රැඳී සිටින බවට  කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාට ලද තොරතුරකට සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එහි 11 වන මහලේ කාමර 05 ක සහ 12 වන මහලේ කාමර 02 ක නවාතැන් ගෙනසිටි  සැකකාර විදේශීය ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න