විපක්ෂ නායක කාර්යාලයේ අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පැවැතිවිණි. එම සාකච්ඡාව සඳහා: සමගි ජන බලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ කාරියප්පර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් සහභාගි වූහ.
එහි දී පළමුවෙන් ම අදහස් දැක්වූ සමගි ජන බලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
ආණ්ඩුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක්
''රටේ ජනවාර්ගික විසඳුමක් ලෙස පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ වගේම රටේ පාලනය විමද්‍යගත කිරීමට සහ ප්‍රදේශවල සුදුසු නියෝජිතයන් පත් කර, සුදුසු මහ ඇමැතිවරු පත් කරන්නයි පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ. ඒ අනුව උතුරේ සහ නැගෙනහිර ඔවුන්ගේ අවශ්‍යතා අනුව පළාත් සභා පත් කර ගන්න උතුරු නැගෙනහිර ජනතාව කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් 2017 සිට පළාත් සභා මැතිවරණයක් රටේ පැවැතුනේ නැහැ. කෙසේ නමුත් බලයට පත්වී පළමු වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බව ජාතික ජනබලවේගයේ මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. නමුත් බලය ලබාගත් පසු ආණ්ඩුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලබනවා.
රටේ සමස්ත පරිපාලනයම දේශපාලනීකරණය වෙලා
පළාත් සභා විමද්‍යගතවීම වෙනවුවට ජනාධිපතිවරයාට මධ්‍යගත වී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කළ ආණ්ඩුකාරවරු 9 දෙනෙකුයි අද පළාත් සභා පාලනය කරන්නේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා ගේ පාලන බලය යටතේයි අද පළාත් සභා තිබෙන්නේ. ඒ වගේ ම රටේ අධ්‍යාපනයෙන් සියයට 90 ක් තිබෙන්නේ පළාත් සභා යටතේ. සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ සියයට 90 ක් පමණ තිබෙන්නේ පළාත් සභා යටතේ. කෘෂිකර්මයෙන් බහුතරයක් තිබෙන්නේ පළාත් සභා යටතේ. මේ සියල්ල මහජන නියෝජිතයන් යටතේ පාලනය වෙන්නේ නැහැ. මේ සියල්ල පාලනය වන්නේ ජනාධිපතිවරයා යටතේ. වර්තමාන බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් පළාත් සභාවලට විරුද්ධව අතීතයේ කටයුතු කළා. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරු ඝාතනය කරන්නත් ඔවුන් කටයුතු කරනු ලැබුවා. ඡන්ද දායකන්වත් ඝාතනය කරන්න ඔවුන් ඒ කාලයේදී කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ 88 89 කාලයේ සිදුකළ දේවල්ම අදත් සිදුකරනු ලබනවා. ඒ වගේම රටේ පරිපාලයත් අද දේශපාලනීකරණය වෙලා තිබෙනවා. ඒ වගේම රටේ ප්‍රධාන අමාත්‍යාංශවල සිටින්නේ දේශපාලනය සිදුකළ නිලධාරීන්. ජනාධිපතිවරයාගේ ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ සමඟ එක්ක දේශපාලනය කළ අයෙක්. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජනතා විමුක්ති පෙරමුණේ සමඟ එක්ක දේශපාලනය කළ අයෙක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ සමඟ එක්ක දේශපාලනය කළ අයෙක්. රටේ සමස්ත පරිපාලනයම දේශපාලනීකරණය වෙලා තිබෙනවා. ජාතික ජනබලවේගය ඒකාධිපති පාලනයක් ගෙන යන්න කටයුතු කරමින් සිටිනවා.
පළාත් සභා මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට අන්ත පරාජයක් අත් වෙනවා
කෙසේ නමුත් පළාත් සභා පැවැත්විම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කරන්න කටයුතු කරනු ලැබුවා. මෙම කමිටුව මාර්තු 17 වැනිදා විජිත හේරත් ගේ සභාපතිත්වයෙන් පත්කරනු ලැබුවා. ඒ අනුව මෙම කමිටුව මාස 3ක් ඇතුළතට වාර්තාවක් ලබාදිය යුතුයි. නමුත් තවම ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පත්වන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. එය සුළු සංශෝධනයකින් සිදුකරන්න හැකියාවක් තිබෙනවා. සරල බහුතරයකින් මෙය සිදුකරන්න හැකියාව තිබෙනවා. මේ සඳහා විපක්ෂය සම්පුර්ණ සහාය ලබා දෙන්න සූදානම්. ඒ වගේම වසර ගණනාවක් සාකච්ඡා කර ලබාගත් පළාත් සභා බලය උතුරු නැගෙනහිර ඇතුළු රටේ අනෙකුත් පලාත්වලටත් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. කෙසේ හෝ පළාත් සභා පැවැත්විම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක තවම පළාත් සභා පැවැත්වීම සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලබනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයක් පවත්වන්න ආණ්ඩුව බියක් දක්වනවා. පළාත් සභා මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට අන්ත පරාජයක් අත්වන බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධිව පළාත් සභා ඡන්දය නොපවත්වා සිටින්න කටයුතු කරනු ලබනවා. පළාත් සභා මැතිවරණ කල් දැම්මොත් විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතු වී මේ සම්බන්ධයේ විරුද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ජුනි 17 ට පෙර පළාත් සභා පැවැත්විම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභාවේ තින්දුවක් ගෙන පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය රටේ ජනවාර්ගික අර්බුදය සඳහා ලබාදුන්න උත්තරයක්. ආණ්ඩුව 56 පැවැති ප්‍රශ්නය නැවත රට තුළ ඇති කරන්න කටයුතු කරනවා. මේ වසර තුළ පළාත් සභා මැතිවරණය කෙසේ හෝ ආණ්ඩුව පවත්වාවි යැයි විශ්වාස කරනවා.''
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්
වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න
''අවුරුද 12 ක් පළාත් සභා මැතිවරණය පවත්වලා නැහැ. ඒ නිසා වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 1987 පළාත් සභා පනත හරහා මනාප ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් 2025 දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එය මේ වනවිට ගැසට් කර තිබෙනවා. ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න සුදානම් නම් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරලා මාස 3 ක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්න හැකියාවක් තිබෙනවා.
පළාත් සභා මැතිවරණය හිතා මතා කල් දැමීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා
නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න උනන්දුවක් නැති බවක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තේරිම් කාරක සභාවක් පත් කරන්න කටයුතු කළා. එම තේරිම් කාරක සභාව රැස්වී මාස 3ක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව තිබුණත් තවම වාර්තාවක් ඉදිරිපත් කරලා නැහැ. මෙම වාර්තාව තුළින් ඉදිරිපත් කරන දේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඒ වගේම මෙම කාරක සභාවට නීතිපතිදෙපාර්තමේන්තුවෙන් වගකීමක් දැරීමට හැකි පුද්ගලයෙක් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තිබෙනවා. ඔහුගෙන් යම් දෙයක් විමසූ විට ඒ සඳහා නිසි පිළිතුරක් ලබාගැනීමට හැකියාවත් තිබුණේ නැහැ. නමුත් නීතිපතිදෙපාර්තමේන්තුවෙ නිලධාරියාගෙන් කරුණු 4 ක් පිළිබඳව විපක්ෂය කරුණු විමසා සිටියා. ඒ අනුව 2017 පළාත් සභා පනතට සීමා නිර්ණය කිරිමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පරාජය කලාට පසු අගමැති විසින් කමිටුවක් පත් කරනු ලබනවා. ඒ අනුව එම කමිටුවේ වාර්තාව නොලැබුණහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවර පිළිබඳව නීතිපතිදෙපාර්තමේන්තුවෙ නිලධාරියා ගෙන් විමසා සිටියා. මා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පනතට පළාත් සභා භාර ඇමැතිවරයා නිර්දේශ ලබා නොදි එම පනත ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවකට පටහැනි බව ප්‍රකාශ කර තිබුණා. නමුත් මා විසින් ඉදිරිපත් කළ පනත ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවලට අනුව සකස් කළ පනතක්. මේ පිළිබඳවත් ගත යුතු නිතිමය පියවර පිළිබඳව නීතිපතිදෙපාර්තමේන්තුවෙ නිලධාරියාගෙන් විමසා සිටියා. පළාත් සභා පනතට කාන්තා සහ තරුණ නියෝජනය ඇතුලත් කර ගන්නේ කෙසේදැයි ගත යුතු නිතිමය පියවර පිළිබඳව නීතිපතිදෙපාර්තමේන්තුවෙ නිලධාරියා ගෙන් විමසා සිටියා.
මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් අප්‍රේල් 22 වැනිදා පාර්ලිමේන්තු කමිටුවෙදී නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියාට ඉදිරිපත් කරන්න සැලසුම් කළත් එය පාර්ලිමේන්තුව නොපැවැත්විම හේතුවෙන් නොහැකි වුණා. කෙසේ නමුත් මැයි මාසයේ පැවැති රැස්වීමට නිතිපති දෙපාර්තමේන්තු නිලධාරියා පැමිණියත් විපක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් නොකළ බව නිතිපති දෙපාර්තමේන්තු නිලධාරියා ප්‍රකාශ කළා. නමුත් එවැන්නක් සිදුවිය නොහැකියි. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය හිතා මතා කල් දැමීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. කෙසේ නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න බයක් දක්වන බව පළාත් සභා පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීම හරහා පෙනෙන්න තිබෙනවා. ඒ වගේම මැතිවරණය පවත්වන්න සුදුසු කාලයක් නැති බව සෘජුව ආණ්ඩුව ප්‍රකාශ කළා නම් විපක්ෂය තේරිම් කාරක සභාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව කෙරෙහි තිබුණ ජනතා ප්‍රසාදය මේ වනවිට අඩුවෙමින් තිබෙනවා.
ආණ්ඩුකාරවරයෙක් හරහා පළාත් සභා පාලනය වීම අසාර්ථක කටයුත්තක්
ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය බවත් පළාත් සභා මැතිවරණය පවත්වන බය නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් මැතිවරණයක් පැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව අනුගමනය කරන්නේ නැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභා හරහා කල් මරන්නේ නැතිව හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එසේ නැතිනම් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සෘජු ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. ආණ්ඩුකාරවරයෙක් හරහා පළාත් සභා පාලනය වීම අසාර්ථක කටයුත්තක් බවට මේ වනවිට පත්වී තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය කිරිමට ඒ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තිරණය කර තිබෙනවා. එය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනියි.''
පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ කාරියප්පර්
පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව බයයි
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට දෙන බලය ජනාධිවරයා ආණ්ඩුකාරවරු හරහා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒ වගේම ආණ්ඩුව තමන් සතු කර ගැනීමට නොහැකි වුණ පළාත් පාලන ආයතනත් ප්‍රජා මණ්ඩල නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා. මෙයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒ වගේම මෙම ප්‍රජා මණ්ඩල පළාත් සභාවක මහ ඇමැතිවරයාට අහොසි කිරිමේ බලතල තිබෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව බියක් දක්වනවා. ඒ වගේම ශානක්‍යන් රාසමානික්කම් මහතා ගෙන ආ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය පිලිගෙන තිබෙනවා. මේ සම්බන්යෙන් ආණ්ඩුව කාරක සභාවක් පත් කර තිබෙනවා. ඒ වගේම 2017 පළාත් සභා පැත්විමේ ක්‍රමය පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබනවා. 2017 පළාත් සභා මැතිවරණය සඳහා ගෙන ආ සංශෝධනය ට ඇතුලත් කර නැති විධිවිධාන ඇතුලත් කිරිම හරහා නැවත සිමා නිර්ණයකට යන්න සිදුවෙනවා. එසේ සිදුවුණොත් පළාත් සභා මැතිවරණය පවත්වන්න තවත් වසර ගණනාවක් ගතවෙන්න පුලුවන්. කෙසේ නමුත් රාසමානික්කම් මහතා ගෙනා සංශෝධන ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න නොහැකිනම් දැනට තිබෙන පළාත් සභා පනත වෙනුවට පරණ ක්‍රමය භාවිතා කර සමාන්තරය සිමා නිර්ණය හරහා ක්‍රමවේදයක් සකස් කරන්න හැකියාව තිබෙනවා. රජය පළාත් සභා මැතිවරණය පවත්වනන සුදානම් බව මේ සම්බන්ධයෙන් තිරණයක් රජය ලබාදුන්නොත් අපිට පිළිගන්න පුලුවන්. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය පවත්වන බව අනුර දිසානායක ජනාධිපතිවරයා උතුර නැගෙනහිරට ගොස් පොරොන්දුවක් ලබාදුන්නා. දෙමළ කතා කරන ජනතාවට ඡන්දයත් ලබාගන්න කටයුතු කළා. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට වගකිමක් තිබෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
