ජනාධිපති අනුර කුමාර දිසානායක, ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (11) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ මේ වන විට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් පිහිටුවා අවසන් බව මෙහි දී අනාවරණය කෙරිණි.
එමෙන්ම 2026 වර්ෂය සඳහා “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින්, ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ රුපියල් මිලියන 23,000ක ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර, ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබෙන බවද අනාවරණය විය.
ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කරමින් ජන ජීවිතය නංවාලීමට මෙම ව්‍යාපෘති කොපමණ දායකත්වයක් ලබා දෙන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමකින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
