2026 අප්‍රේල් මස 09 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයක් තුළ දී සිදු වී ඇති මළ දරු උපතක් සම්බන්ධව පුවතක් මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින අතර යම් මාධ්‍ය ආයතන කිහිපයක් එයට වැරදි අර්ථකතන ලබාදෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සමග මෙම සිද්ධිය සම්බන්ධ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව සාධාරණ වූත්, අපක්ෂපාතී වූත් කඩිණම් පරීක්ෂණයක්, මෙම අදාළ තාක්ෂණික කාරණා සහ එම ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ඇති විද්වත් කමිටුවක් මාර්ගයෙන් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවත්, එවන් විද්වත් කමිටුවක් හරහා සිදු කරන ස්වාධීන පරික්ෂණයකට අවශ්‍ය අපගේ පූර්ණ සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සුදානම් බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය සහ එම සංගමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව දැක්වූ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
