ජනාධිපතිතුමා ගෙන් විනිශ්චයකාරවරුන්ට බලපෑම් එල්ලවන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පල කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අදකැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජී. එල්. පීරිස්...
''විනිශ්චකාරවරුන් පත් කරන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ගෙන් තමා බලපෑම් එල්ල වෙන්නේ විනිශ්චයකාරවරුන්ට. 25 වෙනිදා නඩු තීන්දුවක් දෙනව අප්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා ජනාධිපතිතුමා කියනවා. ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධි විධාන සම්පූර්ණයෙන්ම නිශේධය වන ලෙස ක්‍රියා කරනවා. ජනතාවට අධිකරණය කෙරෙහි අවම විශ්වාසය තියෙන්නිය යුතුයි. ආණ්ඩුක්‍රමිකස්ථාව උල්ලංඝන අයට දෙන දඬුවම තමයි අවුරුද්දක් බන්ධනාගාරගතවීම. මෙහි බැරෑරුම්කම අවබෝධ කර ගනිමින් විපක්ෂයේ පිරිස් අග්‍ර විනිශ්චකාරවරයාට ලියා පදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කිරීමට කටයුතු කළා.''
මතු පළ වන්නේ ජී. එල්. පීරිස් කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
