ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාත්, කැබිනට් මණ්ඩලයත් නඩු තීන්දු ගැන කතාකරමින් නඩු තින්දු ලබාදීම පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද (12) කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැවසූ රජිත් කීර්ති තෙන්නකෝන්...
2024 අංක 8 දරණ පනත උල්ලංඝනය කරලා
''ජනාධිපතිවරයා තම පාක්ෂිකයින්ට නඩු තීන්දු කියවමින් යාම අධිකරණයට සිදු කරන අපහාසයක්. ජනාධිපතිවරයාත්, එතුමා ගේ කැබිනට් මණ්ඩලයත් අයත් වන විධායකයක මැයි පළමුවෙනිදා රට පුරා තිබුණු මැයි රැළිවල දී අධිකරණය සම්බන්ධයේ ප්‍රකාශ ගණනාවක් සිදු කළා. ජනාධිපතිතුමා දින වකවානු කියමින් එතුමා ගේ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින්ට, එතුමාට ඡන්දය දුන්න මාලිමාවේ අනුගාමිකයින්ට නඩු තීන්දු දෙන දිනය කියලා අත්පුඩි ගමන්න ලෑස්ති වෙන්න කිව්වා. එතුමා පැහැදිලිවම නඩුවේ තීන්දුව ප්‍රකාශයට එතුමා ගේ පක්ෂයේ සමාජිකයින්ට ප්‍රකාශ කරලා තියෙනවා. 2024 අංක 8 දරණ අධිකරණයකට, විනිශ්චය ධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ තුන්වන වගන්තියේ ‘ආ’ කොටසේ කියනවා. ‘යම් විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්වීමේ හෝ ඊට තදබල අගතියක් සිදු කිරීම අපහාසයක්.’ කියලා.
අද විධායකය තනිකරම පිස්සු නටනවා
ජනාධිපතිතුමත් ඇමතිවරුනුත් පැහැදිලි ලෙසම අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වෙලා අගතියක් කරලා තියෙනවා. අපහාසයක් කරලා තියෙනවා. අද විධායකය තනිකරම පිස්සු නටනවා. පොහොර නෑ. භාණ්ඩාගාරය හැකර්ලා කඩලා. කෝච්චි නෑ. ඖෂධ නෑ. පාර දිගේ වෙඩි තියාගන්නවා. එහෙම පිරිසක් තමයි මේ අධිකරණයට අපහසාස කරමින් මැදිහත් වෙන්නේ. අනෙක් අතට, ව්‍යවස්ථාදායකට භාණ්ඩාගාර මංකොල්ලය ගැන පියවර ගන්නට බැරි වෙලා තියෙනවා. මුදල් කමිටුව, කෝපා කමිටුව තම වගකීම ඉටු කරන්නට බැරි තැනට පත්වෙලා ඉන්නවා. එහෙම අවස්ථාවක තමයි විධායක මේ අධිකරණයට බලපෑම් කරන්නේ.
විධායකය නඩු තීන්දු ගැන කියනවා
අද විධායක විදිහට අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන මෙහෙයවීම්මත නඩු පැවරීම් සිදු කරනවා. මිනිස්සු හිතනවා විධායකය නඩු පැවරුවාට ස්වාධීන අධිකරණයක් මගින් තමන්ට යුක්තිය ඉටුවෙයි කියලා. දැන් ජනාධිපතුමා විධායක විදිහට නඩු තීන්දු ගැන කියනවා. එතකොට මිනිස්සුට අදහසක් එනවා අධිකරණයේ තීන්දු ලියන්නේ ජනාධිපතිතුමා කියලා. පුරවැසියාට යුක්තිය පිළිබඳ ඇති අවසාන බලාපොරොත්තුවත් එමගින් අහිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ අගවිනිසුරුතුමා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාට, මහාධිකරණ විසිනුරුතුමන්ලාට, මහෙන්ත්‍රාත් අධිකරණයේ විනිසුරුතුමන්ලාට සාධාරණ, යුක්ති සහගත, බලපෑම් විරහිත සාක්ෂි මත පමණක් පිහිටා තීන්දු ලබාදීමේ නොහැකියාවක් මතු වෙනවා.
අද අධිකරණය කුමන හෝ නීතියක් රෙගුලාසියක් යොදාගෙන විපක්ෂයේ ක්‍රියාකාරීන්, දේශපාලනඥයින් මාධ්‍යවේදීන් හිරේදාන්න හදනවා. මොනවාවත්ම නැත්තම් ට්‍රැෆික් නඩුවක් හරි දානවා. ආණ්ඩුවේ කෙනෙක් නම්, බලන්න ආරක්ෂක ලේකම්තුමා ට්‍රැෆික් වරදක් වුනත් නඩුවෙන් නිදහස් කරලා යවනවා. මෙහෙම අධිකරණට බලපෑම් කිරීමට විධායකයට බෑ. මේක වරදක්. මේක අගතියක්. ජනතාවට යුක්තිය සඳහා ඇති එකම බලාපොරොත්තුව අහිමි කිරීමක්''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
