Image

උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 02 යළි කැඳවීමට නියෝග

උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 02 යළි කැඳවීමට නියෝග

ප්‍රශ්නගත මිග් යානා අටක් ගෙන්වීමෙන් රජයට පාඩු කළ බවට හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 02 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (13) නියෝග කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා හමුවී අවස්ථා කිහිපයක දී උපදෙස් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය. නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින උදයංග වීරතුංග විවෘත අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඉදිරි දින දක්වා තාවකාලික විදේශ ගත වීමට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කළ ඉල්ලීම අවසර ලැබිණි.

සිංගප්පූරු ජාතික ටී එස් ලී ,එන් ජේ ලේක්හිම්,පෙරගොඩව් ,මයිකෝලා කුර්දකෙව් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පී දොන් ජයනාත් යන පුද්ගලයන් මෙන්ම ඩී එස් එලායන්ස් සමාගම,බෙලරුසා හෝල්ඩින්ග්ස් සමාගම් ‍මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න