රු.50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ඉන් රු.35,000ක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ, කාර්යාල සනීපාරක්ෂක කම්කරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු ගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරු ගේ නමට පවරා ඔප්පුවක් සකස්කර ගැනීමට අවශ්‍ය ඉඩමේ වටිනාකමට අදාළ තක්සේරු වාර්තාවේ ඉඩමේ වටිනාකම අඩුවෙන් සඳහන් කර ඒ සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තු මුදල ද අඩු කර සකස් කර දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම වෙනුවෙන් රු.50,000ක මුදලක් අල්ලස් ඉල්ලා එම මුදල රු.35,000 දක්වා අඩු කර ලබා ගැනීමේ අල්ලස් චෝදනා මත පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල සනීපාරක්ෂක කම්කරුවෙකු වූ එදිරිවීර ආරුකට්ටු පටබැඳිගේ සුමිත් ඉංදික කුමාර යන අය අද (13) වන දින පෙ.ව.9.27ට පමණ පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
