Image

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි 22 දක්වා යළි රිමාන්ඩ්

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි 22 දක්වා යළි රිමාන්ඩ්

බාල වයස්කාර දැරියකට අතවරයක් කර ඇති බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබුණ ද, කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

සැකකාර හිමිනම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

එසේම දැනට පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර හිමිනම ජාතික රෝහලට මාරු කරන ලෙසත් අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළේ ය.

සැකකාර හිමිනම නිරීක්ෂණය කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීම කළ අතර නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ද අධිකරණයට කැඳවන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න