Image

ගනේමුල්ල සංජීව ඝාතනයට සැකපිට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සැකපිට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී, නීතිඥවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය කළේ 2025 පෙබරවාරි 19වන දා ය.  මෙම සැකකරු ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන් ගෙන් ලද තොරතුරු මත ය.

මෙම සැකකරු, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බව අනාවරණය වී තිබේ.

69 හැවිරිදි වියේ පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක් සහ පතරොම් ගැබ් (Magazines) 02 ක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසිනි.

මූලාශ්‍ර - aruna.lk/

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න