Image

අන්තර්ජාල වංචා කළ විදේශ ජාතිකයින් 49 දෙනෙක් රිමාන්ඩ්

අන්තර්ජාල වංචා කළ විදේශ ජාතිකයින් 49 දෙනෙක් රිමාන්ඩ්

අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියා සිදු කරන බවට සැක පිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදේශ ජාතිකයන් 49 දෙනා හෙට (15)තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (13) නියෝග කළේ ය.

කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂාවක දි වලංගු වීසා බලපත්‍ර නොමැතිව මහල් ගොඩනැගිල්ලක  සිටිය දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ ය.මෙම පිරිස කාම්බෝජය සිට මෙරටට පැමිණ ඇති බවත්, සංචාරක වීසා මත පැමිණ විවිධ මූල්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැක මත විමර්ශන ආරම්භ කළ බවත්, පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

චීන සහ මැලේසියානු ජාතිකයින් වන ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබූ මුදල් සහ අත්අඩංගුවට ගත් ලැප් ටොප් ඇතුළු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළ පසු විමර්ශන සිදු කර අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලිසියට නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න