ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සමුද්‍රීය සහයෝගිතාව අත්‍යවශ්‍ය බව චීනයේ කොළඹ තානාපති ෂි ෂිංහොයි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජය තම ස්වෛරීභාවය, ගෞරවය සහ ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දෙරටේ විද්‍යාඥයින් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සාමාන්‍ය පරිදි සිදුකරන සමුද්‍රීය විද්‍යාත්මක පර් යේෂණ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගනු ඇතැයි චීනය බලාපොරොත්තු බව ද චීන තානාපතිවරයා පාත්ෆයින්ඩර් කොළඹ සමුද්‍රීය සංවාදයේ ආරම්භක උත්සවය අමතමින් පැවසී ය.
පාත්ෆයින්ඩර් පදනම සහ සිචුවාන් විශ්වවිද්‍යාලය ඒකතුව සංවිධානය කළ කොළඹ සමුද්‍රීය සංවාදය පෑලියගොඩ පිහිටි එම පදනමේ මූලස්ථානයේ දී පැවැත්විණි. එහි දී ඉන්දියාව, පාකිස්තානය, චීනය, සිංගප්පූරුව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් නියෝජනය කරමින් විශේෂඥයෝ සහභාගී වූහ.
චීන-ශ්‍රී ලංකා සමුද්‍රීය සහයෝගිතාවෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ප්‍රතිඵල රැසක් ලැබී ඇති බව දක්වන හෙතෙම වරාය ඉදිකිරීම් සහ නාවික ප්‍රවාහන ලොජිස්ටික්ස් සිට සමුද්‍රීය ආර්ථික සංවර්ධනය සහ ආපදා වැළැක්වීම හා අවම කිරීම දක්වා, ප්‍රායෝගික සහයෝගිතාව හේතුකොටගෙන දෙරටේ ජනතාවට සෘජු ප්‍රතිලාභ ලබාදී ඇති බව පැවසී ය.
සාගර කලාපය ප්‍රබල රටවල් අතර තරගකාරීත්වයේ වේදිකාවක් නොව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සහයෝගිතාව සඳහා විශාල වේදිකාවක් විය යුතු බව මහජන චීන සමූහාණ්ඩුව නිරන්තරයෙන් අවධාරණය කර ඇති බවයි. එසේම, ඉන්දීය සාගරය සාමය, සංවර්ධනය, විවෘතභාවය සහ සහයෝගිතාවයේ සාගරයක් බවට පත්විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
බලශක්තිය, ආහාර සහ සංවර්ධන අවශ්‍යතා ඇතුළු මහජනතාව ගේ වුවමනා උදෙසා සාගර කලාපයේ ආරක්ෂාව ඉතා වැදගත් බව පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මෙහි දී කියා සිටියේ ය. වරායවලට එන තර්ජන, නාවික ක්ෂේත්‍රයේ ආයෝජන සහ වත්කම්වලට සිදුවන බලපෑම, සැපයුම් චක්‍රය මුහුණ දී ඇති ගැටලු සහ බාහිර ආරක්ෂක අංශ කරන බලපෑම පසෙක තැබිය නොහැකි බව ද හෙතෙම කියා සිටියේය. සාගරයේ පැවැත්ම ගැන ඉතා වුවමනාවෙන් සලකාබැලිය යුතු අවස්ථාවක පාත්ෆයින්ඩර් පදනම මෙම සංවාදය ආරම්භ කළ අතර ඒය වාර් ෂිකව පැවැත්වීමෙන් අවශ්‍ය තොරතුරැ ගැඹුරින් අධ්‍යයනය කළ හැකි බව ද හෙතෙම පැවසී ය. සහ සිචුවාන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය යාන් ශිජිං කොළඹ දී මෙවැනි සාකච්ඡාවටයකට අවස්ථාව ලැබීම වැදගත් බව ප්‍රකාශ කළ අතර සාමුහික ප්‍රයත්නයකින් පසු ඉන්දියන් සාගරය සුරක්ෂිත තැනක් බවට හැරවිය යුතු බව පෙන්වා දුන්නේය. විවිධ රටවලින් පැමිණි නියෝජිතයන් පාත්ෆයින්ඩර් කොළඹ සමුද්‍රීය සංවාදයේ දේශන පැවැත්වු අතර ඊයේ මැයි 13 ආරම්භ වූ මෙම සංවාදය අද පස්වරුවේ අවසන් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
