ගුණවත් නැණවත් සත්ගුණවත් ප්‍රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ආණමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලී වාංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජවන්නි කුමාරවන්නි දෙපාර්ශ්වාය් ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට ජන සමාජයේ රැකවරණය ලබා දිය යුතු යි
''රටක් දියුණු වන්නට නම් ඒ රටේ සමාජය ශීලාචාර ශිෂ්ටසම්පන්න ගුණගරුක හා සෞභාග්‍යය සම්පන්න සමාජයක් විය යුතු යි. ගුණවත් නැණවත් සත්ගුණවත් ප්‍රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරනවා. ගමේ නගරයේ පන්සල කේන්ද්‍රීය පූජනීය සිද්ධස්ථාන සමාජය යහපත් තැනක් බවට පත් කරන්න සුවිශේෂ කාර්යක් ඉටු කරනවා. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට මේ වන විට ජන සමාජයේ රැකවරණය ශක්තිය ලබා දිය යුතු යි.
ආගමික සිද්ධස්ථාන සුවිශේෂ කාර්යක් ඉටු කරනවා
වසර කිහිපයක් තුළ අප රටක් ලෙස ඛේදවාචක රැසකට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක රැසක් නිසා සමස්ත ජනතාවම ගැටලු රැසකට මුහුණ දී ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට මුහුණ දී අතිශය පීඩනයකට අසහනයකට දුකට කණගාටුවට ලක්ව තිබෙනවා. මෙවැනි අවස්ථාවක ජනතාවට ඇහුම්කන් දීමත් සංවේදී වීමත් මිනිස් පරපුර සුරැකීමට මානුෂීය විය යුතු යි. දශ ලක්ෂ ගණනින් අගහිගතාවලට ජනතාව මුහුණ දෙනවා. මේ ගැටලු ප්‍රශ්නවලට උත්තර දිය යුතු යි. මේ විසඳුම් ලබා දිමේ දී පන්සල ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන සුවිශේෂ කාර්යක් ඉටු කරන නිසා ඒ කාර්යය ඉදිරියටත් අඛණ්ඩව සිදු කළ යුතු යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
