Image

06වන දා අත්අඩංගුවට ගත් අන්තර්ජාල වංචාකරුවන් කාම්බෝජයෙන් පිටුවහල් කළ පිරිසක්

06වන දා අත්අඩංගුවට ගත් අන්තර්ජාල වංචාකරුවන් කාම්බෝජයෙන් පිටුවහල් කළ පිරිසක්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට කොල්ලුපිටිය පොලිසිය පසුගිය (6) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වියට්නාම ජාතිකයින් 74 දෙනා මෙවැනිම අපරාධ කළ බවට කාම්බෝජයෙන් පිටුවහල් කළ පුද්ගලයින් බවට අනාවරණය වී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ දී කොල්ලුපිටිය පොලිසිය මේ බව කියා සිටිමින් ඔවුන් වීසා කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි ද කීවේය. මෙම පිරිසට වැටුප් ලබා දී ඇත්තේ මෙරට කාන්තාවක් බවත් වැටුප් ගෙවීමට මුදල් එවන පුද්ගලයා තමුන් නොදන්නා බවට ඇය ප්‍රකාශ කර ඇතැයි ද කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ආධාර අනුබල දී ඇති බවට තහවුරු වන්නේ නම් වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලිසියට නියෝග කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර විදේශ ජාතිකයන් තවදුරටත් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේ ය.

වීසා කොන්දේසි කඩකරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචා සිදුකළ බවට  කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වයස අවුරුදු 19ත් / 39ත් අතර පසුවන වියට්නාම ජාතික සැකකරුවන් 41 දෙනෙකු සහ සැකකාරියන් 33 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

කොල්ලුපිටිය පිහිටි අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට කොල්ලුපිටිය පොලිසියේ ස්නාධිපති ලලිත් සිලෝගම වෙත  ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසිය අපරාධ අංශය සහ  දූෂණ මර්ධන ඒකකය ස්ථානාධිපති පතිවරුන් ඇතුළු නිලධාරීන් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුහු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න