Image

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග2022 වසරේ ජූලි මස 07 වනදා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 නියෝග කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇපකරුවන් ට නොතිසි නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 10 දෙනෙක් විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

පසුගිය වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසට ගිනි තැබූ 2022 වසරේ ජූලි 09 වනදාට දින දෙකකට පෙර සිදු කළ උද්ඝෝෂණයේ දී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සදරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග, ඇතුළු පිරිසක් ඇප මත මුදා හැර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හරින ලද අනෙකුත් සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න