Image

හොරු සිරගත කළ යුතුයි; ඒත් ආර්ථික අර්බුදයට විසඳුම් කෝ...? - උවිඳු විජේවීර

හොරු සිරගත කළ යුතුයි; ඒත් ආර්ථික අර්බුදයට විසඳුම් කෝ...? - උවිඳු විජේවීර

හොරු හිරේ දාන්න ඕනේ - - - එකඟයි!” හොරු සිරගත කළ යුතු බවත් ඒ පිළිබඳ තමන් ප්‍රමුඛ දෙවන පරපුර එකඟ බවත්, නමුත් හොරු සිරගත කළ පමණින් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙනවා දැයි දෙවන පරපුර පක්ෂ නායක උවිඳු විජේවීර විමසීය.

ඔහු මෙලෙස විමසුවේ පසු ගිය 14වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උවිඳු විජේවීර...

''හොරු හිරේ දාන්න ඕනේ - - - එකඟයි... නමුත් මහජනතාව තළා පෙළා දමන ආර්ථික අර්බුදයට ඒකෙන් පිළිතුරු ලැබෙනවාද? ජනතාවගේ අර්බුදයට උත්තරේ “හොරු හිරේ දානවා” කියන එක විතරක් ම නෙවෙයි. ජනතාවාදී ගමනක් යන්න නම්, දූෂිත දේශපාලන වළල්ලත්, ඒ හා ගැටගැසුණු ජාවාරම්කාර ධනපති ව්‍යාපාරික බලයත් එක්ක එකතු වෙලා මේ රට වෙනස් කරන්න බෑ. අද අපි ආණ්ඩුවෙන් අහන්නේ එකම ප්‍රශ්නයයි. ඔබත් මේ චෞර වළල්ලේ කොටස්කරුවන් වෙලාද?

ගෑස් මිල ගිනිඅරගෙන; තෙල් ලීටරේ රු. 400 ඉක්මවලා; විදුලි බිල දරාගන්නත් බෑ. ඒ නිසා ජනතාව ඉල්ලන්නේ සහනයක්. නමුත් ආණ්ඩුව දෙන්නේ “ඊළඟ හිරේ දාන දිනය” පමණයි.

හොරු හිරේ දාන එක වැරදි නැහැ. ඒක අනිවාර්යයෙන් ම වෙන්න ඕනේ. අප අත් ඔසවා සහය දෙනව හැබැයි: ජනතාවගේ බඩගින්නට උත්තරේ ඒක නෙවෙයි; ජීවන බරට උත්තරේ ඒක නෙවෙයි; ආර්ථික අර්බුදයට විසඳුම ඒක විතරක් නෙවෙයි. හොරුන් බිහිවන මේ මජර දේශපාලනයක් බිහිකළ ලිබරල් ධනවාදී සැබෑ අර්බුදයට උත්තරේ දෙන්නේ කවදා ද...?"

උවිඳු විජේවීර

 

 

 

 

Uvindu Wijeweera

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න