කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එම විශ්වවිද්‍යාලයෙන් බිහිවූ ප්‍රථම B.Com (විශේෂ) උපාධිධාරී කණ්ඩායමේ (1976-2026) ස්වර්ණ ජයන්ති සැමරුම හෙට (18) පෙවරු 9.30.කඩවත ඉන්ද්‍රා හෝටලයේ දී උත්කර්ෂවත්ව පැවැත්විමට නියමිත ය.
"අඩ සියවසක සවිබල ගැන්වීමට අතීතයට ගරු කරමින් අනාගතය සවිබල ගන්වමු" (HALF A CENTURY OF EMPOWERMENT: HONORING THE PAST, EMPOWERING THE FUTURE) යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇත.
වසර 1976 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජ විශේෂ උපාධිය හදාරා පිටවූ එම ප්‍රථම කණ්ඩායම වසර 50ක කාලයක් මෙරට ආර්ථිකයට සහ වෘත්තීය ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය අගය කිරීම සහ එම අතීත මතක ආවර්ජනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම උත්සවය වසර 1976-2026 ප්‍රථම B.Com විශේෂ උපාධිධාරී කණ්ඩායමේ සංවිධායක කමිටුව විසින් සංවිධානය කරනු ලබන මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. සී. බී. වන්නිනායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිත ය. සැමරුම් උළෙල සඳහා සහභාගී වන ලෙස එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට සංවිධායක කමිටුවේ සභාපතිවරයා ඇතුළු කමිටුව ගෞරවයෙන් ආරාධනා කර සිටිති.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
