ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම සංවිධානය කළ තිරසර සංවර්ධනයක් සහිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සෑම ක්ෂේත්‍රයක ම ක්‍රියාකාරීන් එක් කර ගැනීමේ සම්මන්ත්‍රණය සහ ඔවුන් ඇගයීමේ හරසර උළෙල ඉකුත්දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
උතුරු නැගෙනහිර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය කරමින් මෙම වැඩසටහන සඳහා පිරිස් මේ වන විට 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් එක් කරගෙන තිබෙන අතර මෙවර 60 දෙනකුට සාමාජිකත්වය පිරිනැමිණි.
සංවිධානයේ ප්‍රධානී ඒ. ආර්. අමීර් ඛාන් සහ සභාපති ආචාර්ය එම්. ඒ. සී. මහසුම් යන අය ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වූ අතර එහි දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින්, කාන්තා හා ළමා කටයුතු ක්‍රියාකාරීන්, අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, සංස්කෘතික ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහි දී ආබාධිතයින් සඳහා රෝද පුටු පරිත්‍යාගයක් සිදු කළ අතර මේ වන විට රෝද පුටු 600ක් පිරි නමා ඇතැයි අමීර් ඛාන් පැවසී ය.
ජේ.මුණසිංහ




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
