Image

සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති උත්තරීතර ස්ථාවරය අද වචනයට පමණක් සීමා වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති උත්තරීතර ස්ථාවරය අද වචනයට පමණක් සීමා වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථාවරයක් ලබා දී ඇති බවත්, එය වචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කිරීම අප සියලුදෙනා ගේ ම වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය

ඔහු මෙම අදහස් පළ කළේ උඩරට අමරපුර මහා නිකායේ මහා නායක පදවියෙන් පිදුම් ලැබු කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත සුභද්‍රාරාම විහාරය ඇතුළු විහාරාධිපති ලෙස කටයුතු කරන ශ්‍රී රතනජෝති වංසාලංකාර සද්ධර්මවාගීස්වර ශාස්ත්‍රවිශාරද පණ්ඩිත මහෝපාධ්‍යය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17) පැවති උත්සවයක් අමතමිනි.

0fb91a33 e088 4212 857b e7c853980a7e

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ විපක්ස නායකවරයා...

අද වන විට වක්‍ර අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මකයි

වර්තමානය වන විට සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වෙමින් පවතින අවස්ථාවක බෞද්ධයකු ලෙස මෙම අභියෝග හමුවේ ප්‍රේක්ෂකයන් ලෙස කටයුතු කරනවාද? නිවට කමින් නිහඩව සිටිනවාද? නැතිනම් ප්‍රයෝගිකව ශක්තිසම්පන්නව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇපකැපවෙනවාද කියා සිතිය යුතු යි. සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථානයක් ලැබෙනවා සේම සෛරීත්වය භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස රටක් ලෙස ශක්තිමත් වන්නේ සෙසු ආගම් හා සංස්කෘතීන්වලට ලබා දී ඇති ස්ථාවරය හා රැකවරණය මත යි. මේ නිසා බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් සේම සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශ පවා නිර්මාණය කර ආගමික සංහිදියාව සහ ජාතීන් අතර එකමුතුභාවය ඇති කරන්න කටයුතු කළා. අප රටේ පන්සල් 14129ක් ශාසනාරක්ෂක බල මණ්ඩල 3127ක්, පිරිවෙන් 824ක්, දහම්පාසල් 10347ක් තිබෙනවා. ප්‍රායෝගික පද්ධතියන් ලෙස වෙහෙර විහරස්ථාන සහ පන්සල් පද්ධතිය ශක්තිමත් කරන්න අදිටන් කර ගත යුතු යි. ආර්ථික, දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික දේශීය හා විදේශීය අවදානම් රැසකට මුහුණ දි ඇති නිසා ලක්ෂ 220ම එකට එකතු වී මේ අභියෝග ජය ගන්න සිතිය යුතු යි. එදා රජ දවසේ සෘජු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වූවා සේ අද වන විට වක්‍ර අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මකයි.

මහා සංඝරත්නය රැකගත යුතු යි

රජ දවසේ අප රට සුරක්ෂිත කළා සේ ඇස් හිස්මස් ලේ දන්දී රටේ ඒකීයභාවය සෛරීත්වය සුරක්ෂිත කළා සේ අද දවසේ අප ද මේ අභියෝගවලට මුහුණ දෙන වැඩපිළිවෙළක් වෙනුවෙන් අත්වැල් බැදගත යුතු යි. පුරවැසියන් සියලු දෙනා මේ වෙනුවෙන් එකට එකතු විය යුතු යි. බුද්ධශාසනයේ ආරක්ෂකයන් වන මහා සංඝරත්නය රැකගත යුතු යි. චීවරයට ගරුකළ යුතු යි. රටක් ලෙස නිවටයෝ නොවී රට වෙනුවෙන් අත්වැල් බැදගත යුතු යි.''

58faa351 c7e4 4191 8c4f ee852cdcba44 1

06a50497 dc37 4894 86ed 6fed29d1b0e5

a21cd33a 7140 4244 bc5c 46c03561d972

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න