Image

වීරවංශට එරෙහිව පවතින 'මහජන පීඩා සිදු කිරීමේ'  නඩුව ජුලි 13 යළි කැඳවයි

වීරවංශට එරෙහිව පවතින 'මහජන පීඩා සිදු කිරීමේ'  නඩුව ජුලි 13 යළි කැඳවයි

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ  විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට  එරෙහිව පවරා ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන යළි ජූලි මස 13 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (18) නියෝග කළේ ය.

මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාලව සාක්ෂි ලබාදීමට සිටි අයෙක් පැමිණ නැති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් පසුව ය.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ කුරුඳුවත්ත පොලිසිය යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න