සිරගත කරනවා යන තර්ජනය කිරීම හරහා බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බදු පරිපාලනය සම්බන්ධයෙන් බදු සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමග පැවැති හමුවක දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
''වත්මන් රජය IMF එකේ ඉලක්ක අභිබවා යන්න උනන්දු වීම තුළ මේ මොහොතේ බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවක් ඇති කරමින් යනවා. කිසියම් පාර්ශ්වයක් අමතක වීම නිසා, රෝගී වීමක් නිසා, විදේශ ගතවීමක් යනාදි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන බදු පරිපාලනයක් ගෙන එන්න රජය කටයුතු කරනවා. මෙය මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් රජයේ මේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමත් මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව භීතියකට නැංවීමක්. ඒ තුළ අලුත් ව්‍යාපාර බිහි වීම හා නව ව්‍යාපාර ව්‍යාප්ත කිරීමත් රැකියා උත්පාදනය සඳහා බරපතළ ලෙස බලපෑමක් සිදුවනවා.
අධිකරණ බලය පවා අභියෝගයට ලක් කිරිමක්
එසේම රජයේ මේ ප්‍රතිපාදන තුළින් අධිකරණ බලය පවා අභියෝගයට ලක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් සිදු කරනවා. සංවරණ හා තුලන සංකල්පය සහ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුන වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණයේ බලය බෙදීම පවා මේ නිසා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාව බදු ගෙවිය යුතු සිදු දෙනා බදු ගෙවිය යුතු යි. බදු ගෙවීම මග හැරීම සිදු නොකළ යුතු යි. බදු දැලේ සිටින සියලු දෙනා අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුවත් එය සාපරාධි ක්‍රියාවක් ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක්.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
