මැයි මස 24 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ඒකාබද්ධ විපක්ෂය විසින් ජා ඇල ද රෝයල් ග්‍රෑන්ඩ් පරිශ්‍රයේ සංවිධානය කොට තිබෙන විශේෂ සම්මන්ත්‍රණය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ග්‍රාමීය නායකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ රැස්වීමක් ඊයේ (17) සවස හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ගේ පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන අය ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර ලබන 24 වෙනිදා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය සහ ඒ් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
