Image

මී පැණි නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ දී සිවු ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම්

මී පැණි නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ දී සිවු ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම්

දේශීය මී පැණි නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ දී සිවු ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පවසයි.

ඒ අනුව දැනට මෙට්‍රික් ටොන් 50ක් වන දේශීය සැපයුම මෙට්‍රික් ටොන් 200 දක්වා ඉහළ යන බවත් 17 000ක් වන මී පැණි පෙට්ටි ප්‍රමාණය ඉහළ ධාරිතාවයක් කරා යොමු කරන බවත් ඔහු පැවසුවේ ය.

ජාත්‍යන්තර බිගු දින සැමරුම නිමිත්තෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ බිඟු පා ගමන ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සිට මහනුවර සහස් උයන දක්වා අද (18) පෙරවරුවේ ගමන් ඇරඹීය. මැයි 20 වන දිනට යෙදෙන බිඟු දින සැමරුම වාරියපොළ කෘෂිකර්ම විද්‍යාලීය, මී මැසි සංවර්ධන ඒකකයේ දී පැවැත්වෙන අතර එහි ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මේ පාගමන සංවිධාන කර තිබිණි.

මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීම, එම නිෂ්පාදනයට ගෝචර ශාඛ වර්ග හඳුන්වා දීම, පළිබෝධකයින් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඇතුළුව මී මැසි පාලනය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙම පාගමන පැවැත්විණි.

''අප අනුභව කරන ආහාර පිඩු තුනෙන් එකක් මී මැස්සන්ගේ ක්‍රියාවලිය හා සම්බන්ධ වූවක් වන බවත් කෘෂිකර්මාන්ත නිෂ්පාදනයෙන් 35%ක් මී මැස්සන් සහ පරාගන ක්‍රියාවලිය හේතුවෙන් බිහිවූවක් වන බව ද එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය. මී මැස්සන් නොමැති නම් ඩොලර් බිලියන 500ක ආදායමක් ලෝකයට අහිමි වන බවත් එය මිනිසා ඇතුළු සමස්ත ජීවීන්ගේ පැවැත්ම හා ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වන බව ද තව දුරටත් පැවසී ය.WhatsApp Image 2026 05 18 at 3.11.52 PM

WhatsApp Image 2026 05 18 at 3.11.54 PM

WhatsApp Image 2026 05 18 at 3.11.56 PM

WhatsApp Image 2026 05 18 at 3.11.58 PM

WhatsApp Image 2026 05 18 at 3.11.57 PM 1මී මැසි පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති මෙම පාගමන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කෘෂිකර්ම විද්‍යාලයල සිසුන්, බිඟු සුරැකුම් සංවිධානවල සාමාජිකයන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.

nadeeka daya

 

 

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න