Image

හිරුණිකාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවයි

හිරුණිකාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවයි

2022 වසරේ ජූලි මස 07වන දා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 18 නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ නීතිඥවරයකු මගින් මෝසමක් ගොනු කරමින් තමන් අසනීපයෙන් සිටි බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර දින අධිකරණය නියෝග කර තිබුණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසට ගිනි තැබූ 2022 වසරේ ජූලි 09 වනදාට දින දෙකකට පෙර සිදු කළ උද්ඝෝෂණයේ දී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සදරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග, ඇතුළු පිරිසක් ඇප මත මුදා හැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න