ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම සදහා නව බස් රථ 104ක් ආනයනය කිරීමට අදාළව ගිවිසුම් ගතවීම බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ දී අද (18) සිදුකෙරිණ.
මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදු වූයේ: ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම අතර ය. ගිවිසුම් හුවමාරු අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් එක්වූහ.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා මෙම බස් රථ එළැඹෙන අගෝස්තු මාසයේ දී ගිවිසුම් ප්‍රකාරව මෙරටට ආනයනය කිරීමට නියමිතය. මෙම අවස්ථාවට මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බී. එම්. පියතිලක ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
