Image

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නවීකරණය කළ නිල වෙබ් අඩවිය සහ පොදු වෙබ් අඩවි වේදිකාව දියත් කරයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නවීකරණය කළ නිල වෙබ් අඩවිය සහ පොදු වෙබ් අඩවි වේදිකාව දියත් කරයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, 2026 මැයි 18 වැනි දින, අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සවයක දී, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල සඳහා හඳුන්වා දුන් නව පොදු වෙබ් අඩවි වේදිකාව සමග නවීකරණය කළ අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය දියත් කළේ ය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්, රජයේ ආයතනවල නියෝජිතයින් සහ තාක්ෂණික හවුල්කාර සංවිධානවල සහභාගීත්වයෙන්, නව වෙබ් අතුරු මුහුණතකින් යුත් නවීකරණය කළ වෙබ් අඩවිය දියත් විය.

පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතිය අදියර කිහිපයකින්

ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන ජනතාවට වැඩි කාර්යක්ෂමතාවයකින්, ප්‍රවේශ්‍යතාවයකින්, විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව සේවා සැපයීම වැඩිදියුණු කිරීම බව රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍ය හේරත් අවධාරණය කළේ ය. නව වෙබ් අඩවි වේදිකාව මගින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව, විදේශීය පාර්ශ්වකරුවන්, ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කරනු ඇති බව අමාත්‍ය හේරත් තවදුරටත් සඳහන් කළේ ය.

පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියරේ පාර්ශ්වකරුවන් ලෙස: බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකා දූත මණ්ඩල හතක් මෙම ඒකාබද්ධ වේදිකාවට ඇතුළත් විය. නුදුරු අනාගතයේ දී, විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල ඒකාබද්ධ හා ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාවක් යටතට ගෙන ඒමේ අරමුණින්, පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතිය අදියර කිහිපයකින් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක්

අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය, සාමාන්‍ය පරිපාලන අංශය සහ තොරතුරු තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව Frontwalker පුද්ගලික සමාගමෙහි තාක්ෂණික විශේෂඥතාවයෙන් මෙම මුලපිරීමේ මෙහෙයුම් කටයුතු සිදු විය.

දියත් කරන ලද නව වෙබ් අඩවිය සහ පොදු වෙබ් අඩවි වේදිකාව, ආරක්ෂාව, විශ්වසනීයත්වය, ප්‍රවේශ්‍යතාව සහ පරිශීලක-හිතකාමීත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇත. මෙම දියත් කිරීම රජයේ ඩිජිටල් පරිවර්තන ප්‍රතිපත්තියට අනුකූලව අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, නවීන, ආරක්ෂිත සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් වේදිකා හරහා රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා රජය දක්වන දැඩි කැපවීම පිළිබිඹු කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයimg3

img1

img2

img4

img5

img6

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න