මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ නව ඔසුසල මහජන අයිතියට පත් කිරීම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු ගේ සහභාගීත්වයෙන් එම වාට්ටු සංකීර්ණයේ දී ඊයේ (18) සිදුවිය.
කලක් ඉදිකිරීම් නැවතී තිබුණු මෙම ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මීට මාස කිහිපයකට පෙර ආරම්භ වූ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදුවේ.
ඒ අනුව එහි වාට්ටු සංකීර්ණය සඳහා වෙනම ඖෂධ නිකුත් කිරීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත. රෝගීන් අපහසුතාවට පත් කිරීම වළක්වා ගැනීම සඳහා මෙම ඔසුසල පිළිකා වාට්ටු සංකීර්ණයට ම සම්බන්ධ කර ඇත.
නව ඔසුසල මහජන අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා වෛද්‍යවරු, රෝහල් කාර්යය මණ්ඩලය සහ රෝගීන් පිරිසක් සහභාගී වූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
