Image

චාමර සම්පත්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

චාමර සම්පත්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

 ඌව පළාත්  ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී රජයට  පාඩුවක් කළේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  අද  (19) නියෝග කළේ ය.

මහාධිකරණය මගින් සැකකරු ගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කර ඇති බවට නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව විදෙස් ගමන් තහනම ඉවත් කළ මහේස්ත්‍රාත්වරයා   ලබන 23 දින සිට ජුනි 06 දින දක්වා විදේශගත වීමට අවසර ලබා දුන්නේය.

අධිකරණයේ තැන්පත් කර ඇති විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගතවීමට පෙර රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇපයකින් සමන්විත අමතර  ඇපකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න