පසුගියදා අරවින්ද ද සිල්වා ගේ නිවසේ සිටිය දී සැක සහිත ලෙස මිය ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙම් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රෙස්න රාත්‍රි 1.30 ට පමණ නිවසේ පහළ තට්ටුවේ පැන්ට්‍රි කාමරයේ සුදු පාට වතුර බෝත්ලක් තියාගෙන වතුර ෆිල්ටරය ළඟ සිටිනු තමන් දුටු බව අරවින්ද සිල්වා ගේ නිවසේ සේවය කරන රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් අද (19) පැවැසී ය.
මරණකරු, රාත්‍රියේ අවදියෙන්
තමන් නින්දට ගොස් සිටි බවත් වොෂ් රූම් යෑමට අවශ්‍ය වී නැගිට්ට බවත් කියා සිටි සාක්ෂිකරු එම අවස්ථාවේ ලයිට් දමා තිබෙනු දැක ජනේලයකින් බලන අවස්ථාවේ ඔහු සිටිනු දුටු බවත් කියා සිටියේ ය.
එම අවස්ථාවේ දී තමා ළඟ තිබූ යතුරකින් දොර ඇර ඔහු ළඟට ගොස් අවශ්‍ය කුමක්දැයි විමසූ අවස්ථාවේ දී ''වතුර ටිකක් ගන්න ආවා,'' යැයි ඔහු පැවසූ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේ ය.
‘‘සර් කාමරේ වතුර තියලා තියෙන්නෙ.'' වෙන මොනවා හරි අවශ්‍ය දැයි තමන් විමසූ බවත් එහි දී මුකුත් නැතැයි කියමින් පඩි පෙළ නැග යනු තමා දුටු බවත් ඔහු කියා සිටියේ ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
සීසීටීවී යන්ත්‍ර ක්‍රියාත්මකයි; නමුත් දත්ත ගබඩා වී නැහැ
මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාවේ දී මරණකරුගේ දේහයෙන් ලබා ගත් රුධිර සාම්පල මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තැන්පත් කර ඇති බවත්, එම රුධිර සාම්පල සහ නම් සඳහන් නොකළ ඖෂධ වර්ග දෙක ප්‍රශ්නාවලියක් සමග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ ය. එසේම අසල්වැසි නිවාස දෙකෙක තිබී භාරයට ගත් සීසීටීවී යන්ත්‍රවලට අදාළ ඩී වී ආර් යන්ත්‍ර දෙක ද රජයේ රස පරීක්ෂක වරයාට යවන ලෙසට කළ ඉල්ලීමකට අවසර ලැබිණි.
මරණ පරීක්ෂණයට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අරවින්ද සිල්වා ගේ නිවසේ සීසීටීවී පද්ධතිය ක්‍රියාත්මක වුව ද එම දත්ත ගබඩා වී නැතැයි කියා සිටියේ ය. සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයේ සහ ඔහු ජීවත් වූ නිවස ආශ්‍රිතව සීසීටීවී දර්ශන පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය එම සීසීටීවී දර්ශන ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ මරණකරු මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා ගේ නිවසේ ක්‍රියාත්මක වූ සීසිටීවී පද්ධතිය සහ මරණකරු ගේ නිවසේ තිබූ සිසිටීවී පද්ධතිය ක්‍රියාත්මක වුව ද එහි දත්ත ගබඩා වීමක් සිදු නොවී ඇති බවයි.
දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට තව කාලය ඉල්ලයි
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙලෙස කියා සිටියේ ය.
ස්වාමීනි, කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයට ප්‍රවේශ වීමට තවත් පාරවල් දෙකක් තිබූ බව අනාවරණය වුණා ඊට අදාළව සිදු කළ විමර්ශණවල දී මේ බව අනාවරණය වුණේ. අරවින්ද සිල්වාගේ නිවසේ බිම් මහලෙන් නිවස ඇතුලට යාමට පුළුවන්. ඔවුන් වාහන ගාල් කරන්නේ පහළ බිම් මහලේ. එහි ස්ථාන දෙකකින් නිවස ඇතුළට යෑමට හැකි බව විමර්ශනවල දී අනාවරණය වුණා. 2026 මැයි මස 05 වනදා සිට 2026 මැයි මස 07 වනදා දක්වා එස ස්ථාන වලින් කිසිදු පුද්ගලයෙක් ගිය බවට තොරතුරු අනාවරණය වන්නේ නැහැ. එසේම මෙම සිද්ධියට අදාළ අසල්වැසි නිවෙස් දෙකක ඩී.වී.ආර් යන්ත්‍ර දෙක රස පරීක්ෂණ යොමු කිරීමට අධිකරණයට ඉදිරිපත් කරනවා. මරණකරු මියයෑමට පෙර සම්බන්ධ වූ දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට නියෝගයක් ලබා දුන්න ද එම කාලයේ ප්‍රමාණවත් නොවන බැවින් තවත් කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කළේ ය. එසේම මෙම සිද්ධියට අදාළව සීසීටීවී පද්ධතිය දත්ත ගබඩා නොවීම සම්බන්ධයෙන් එම පද්ධතිය සවිකරන ලද ඉංජිනේරුවරයා ඇතුළු සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටින බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ය.
මහේස්ත්‍රාත්වරයා: මෙම සාක්ෂිකරුවන්ට අමතරව කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීම සම්බන්ධයෙන් එදින නීතිඥවරයා හමුවීමට ගිය ඇපකරුවන් සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ ද?
පොලිසිය: ස්වාමීනී, ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකියි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවාත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කපිල චන්ද්‍රසේනට ඇප ලබාදීම වෙනුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා: අධීකරණ නියෝග ලබා එම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ප්‍රතිචාර නොදක්වන රෝගියෙක්...?
එහි දී කොළඹ අපරාධ කොට්ඨාසය මෝසමක් මාර්ගයෙන් එම සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට දන්වා සිටින බව දැන්වුවා. සිද්ධියට අදාළව සාක්ෂි මෙහෙයවීම කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ක්‍රිෂාන්ත ගේ මෙහයවිම යටතේ පොලිස් කොස්තාපල් ඒ. ඩී. එස්. සම්පත් (83080) සාක්ෂි මෙහෙයවී ය. සිද්ධියට අදාළ සාක්ෂි ලබාදෙමින් කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයට ගිය ඩර්ඩන්ස් පුද්ගලික රෝහලේ හෙද නිලධාරි කෝසල රත්නජීව මහතා මෙසේ කියා සිටියේ ය.
ස්වාමීනී, කොලඹ 03 පේද්‍රිස් පෙදෙසේ අංක 37 නිවසෙන් ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් ඉන්නවා ඇවිත් බලන්න පුළුවන්ද කියලා දුරකතන ඇමතුමක් ලැබුණා. කස්‌ටමර් කේයා එකට 8 වෙනිදා උදේ 7.45ට විතර කෝල් එකක් ආවා. ඒ ආපු දුරකතන ඇමතුම අංකයක් ලබා ගත්තා. ඒ රෝගියා ගේ තොරතුරු සටහන් කරා. කපිල චන්ද්‍රසේන කියලා තමයි කිව්වේ. අපි හතර දෙනෙක් ගියා රියදුරුයි ගිලන් රථ සායකයි මමයි වෛද්‍යවරියයි. එම නිවස ගාවට ගියාට පස්සේ අපි ගේට්ටුව ළඟට යද්දි කෙනෙක් ආවා එයා ලෝයර් කෙනෙක් කිව්වා. අපි ඊට පස්සේ නිවස ඇතුළට ගියා. උඩට එක්කන් ගියා. අසනීප වූ පුද්ගලයා පෙන්නුවා. පළවෙනි තට්ටුවේ ඉන්නවා කියලා තමයි කිව්වේ. ලයිට් ඕෆ් කරලා තිබ්බේ ඇඳ උඩ බෑගයක් තිබ්බා. අපේ රියදුර උඩට ආවේ නෑ. කාමරය පැත්තක බිම දණගාගෙන වැටිලා හිටියා. එතන පුටුවක් තිබ්බා. මූණ තිබ්බේ ඒ පුටුව උඩ.
පොලිසිය: තව මොනවද සාක්ෂිකරු ඒ අවස්ථාවේ දැක්කේ?
සාක්ෂිකරු: මම දැක්කා ඒ පුද්ගලයා ගේ බෙල්ලේ පටියක් තිබ්බා. ඒ වෙලාවේ අපේ වෛද්‍යවරිය පරීක්ෂා කරලා කිව්වා. මෙයා තවදුරටත් ජීවතුන් අතර නැහැ. කියලා. ඊට පස්සේ අපට විස්තරේ කිව්වා. ඊට පස්සේ මං අපේ පාලන අධිකාරිය දැනුවත් කරා. පාලන අධිකාරිය කිව්වා පොලිසිය දැනුවත් කරන්න කියලා. වෙලාව ඒ වෙලාවේ හැටියට අටයි පහළවට වගේ.
පොලිසිය: තව මොනවද සාක්ෂිකරු දැක්කේ?
සාක්ෂිකරු: මං දැක්කා ඇඳුම් බෑග් ඇඳ උඩ තිබ්බා. බෙහෙත් පෙති වගයක් තිබ්බා. රුධිර සීනි මට්ටම පාලනය කරන. id card එක තිබ්බා. ඩ්‍රෙසින් ටේබල් එක උඩ ෆෝන් එකක් තිබ්බා.
පොලිසිය: මෙම සිදුවීමට අදාළව ඔබට අධිකරණයට යමක් කිරීමට තිබේද?
සාක්ෂිකරු: මේ සිද්ධිය සම්බන්ධය රෝහලේ පාලන අධිකාරියේ වෙත කිව්වා ඊට පස්සේ අධිකරණ වෛද්‍යවරයාටත් දැනුම් දෙන්න කිව්වා. මට කීමට ඇත්තේ එපමණයි.
සුදුපාට බෝතලයක් තියාගෙන ෆිල්ටරය ළඟ
අරවින්ද සිල්වා ගේ නිවසේ සේවය කරන රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර්
''අරවින්ද මහත්තයා ගේ නිවසේ මරණයක් සිදු වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න මම ආවේ. හය වෙනිදා තුනට විතර ඒ මහත්තයා ආවා. කෑම කාලා පහට විතර ගියා. නම නම් දැනගෙන හිටියේ නැහැ. කපිල චන්ද්‍රසේන කියලා පස්සෙ දැනගත්තේ. කෑම ගෙනත් රත් කරලා කන්න බොන්න දුන්නා. වෙලාව 2.30 ට තුනට විතර ඇති. නිවසේ ඒ වෙලාවේ මැඩම් හිටියා. සර් 3.30 විතර ආවා. යන එන ඒවා දන්නේ නෑ. ආයිත් 7 වෙනිදා 3.30 විතර ආවා. කවුරු එක්ක ආව ද කියලා දැක්කේ නැහැ. මම නිවසේ වැඩ කරනවා. පල්ලෙහා තට්ටුව අස් කරන්න වත්ත පිටිය සුද්ද කරන්න උඩ ස්විමින් පූල් ඒක සුද්ද කරන්න තියෙන්නේ. මගේ වැඩ මම කරගෙන හිටියා. එයා පාඩුවේ හිටියා . හත හවස කිරි කෝපි එකක් ඉල්ලුවා. කවුරුත් ආවේ නැහැ. මැඩම් සහ පුතා හිටියා. කපිල මහත්තයා පළමු තට්ටුවේ හිටියා. කෑම ගෙනාවට රෑ කෑම ගත්තේ නැහැ. කතා කරගෙන ඉදලා රෑ 12 ට විතර නිදා ගන්න ගියා . මම තේකක් දුන්නා. ඒ වෙලාවේ අරවින්ද මහත්තයා හිටියා. ඒ වෙලාවේ කවුරුත් ආවේ නැහැ. කපිල මහත්තය නිසා ගත්තේ පඩි පෙළ ඉස්සරහ තියෙන කාමරය. පඩි පෙලේ ගියා දැක්කා. කාමරයට යනවා දැක්කේ නෑ. මම නිදා ගන්න ගියා. 12.10 වගේ. ගැරේජ් එක ගාව කාමර දෙකක් තියෙනවා. ඒ කාමරයක් තමයි මම ඉන්නේ. 1.30 මට ඇහැරුණා වොෂ් රූම් යන්න. එතකොට මම දැක්කා ලයිට් ගොඩක් දාලා තිබුණා පැන්ට්‍රි කාමරයේ. එතන තිබුණ ජනේලෙන් මම ඇතුළු බැලුවා. සර් සුදුපාට බෝතලයක් තියාගෙන ෆිල්ටරය ළඟ හිටියා. යතුර මා ළග තියෙන්නේ. ඇරලා ඇහුවා මොනවා හරි ඕනද කියලා ඇහුවා. වතුර ගන්න ආවේ කිව්වා. මම කිව්වා වතුර තියලා තියෙන්නේ කිව්වා. ඒ පාර සර් පඩිපෙළ නැගලා ගියා.
පොලීසිය: කවුද ඒ සර්ඝ
සාක්ෂිකරු: කපිල චන්ද්‍රසේන මහත්තයා පඩි පෙළ නැගලා යනවා දැක්කා. කිසිම දොරක් ඇරලා තිබුණේ නැහැ. අපි තමයි දොරවල් අරින්නේ යතරු තියෙන්නේ අපි ළග වෙන කවුරුවත් ඒ වෙලාවේ හිටියේ නෑ.
මහේස්ත්‍රාත්වරයා: පහළට එනකොට ඇදගෙන හිටියේ මොනවද?
සාක්ෂිකරු: දවල් ඇදලා හිටපු ඇඳුම්මයි
මහේස්ත්‍රාත්වරයා: බෝතලය ගෙදර තිබුණු එකක්ද?
සාක්ෂිකරු: ඒක මම දන්නේ නැහැ.
තවත් සර් කෙනෙක් හිටියා
අරවින්ද සිල්වා ගේ නිවසේ සේවය කරන පරාබරන් සෙලස්ටිනා (43)
මම සාක්ෂි ලබා දෙන්නේ සර් කෙනෙක් ගේ මරණය සම්බන්ධයෙන්. නම් මම දන්නේ නැහැ. 8 වෙනිදා උදේ තමයි මම දන්නේ. මම මේ සර්ව දැක්කේ ගේට්ටුවෙන් එළියේ. තුනට විතර ඔළුව විතරයි දැක්කේ. චුට්ටක් තට්ටය තිබුණා. ඇතුළෙ දෙයියනේ වාඩිවෙලා ඉන්නවා දැක්කා. වෙන කවුරුත් ඒ වෙලාවේ හිටියේ නැහැ. එතකොට වෙලාව 4.45 විතර ඇති. 7වෙනිදා මම එනකොට සර් හිටියා.
පොලිසිය: පිටින් කවුරුත් ඇවිත් සර් එක්ක කතා කරගෙන හිටියාද?
සාක්ෂිකරු: මැඩම් ලා එක්ක කතා කරා.
පොලීසිය: අපේ සර් කියන්නේ කවුද
සාක්ෂිකරු: අරවින්ද සිල්වා
පොලීසිය: ආපු අය යනකොට වෙලාව කීයද
සාක්ෂිකරු: ඒ අය යන වෙලාව මතක නැහැ. පැය භාගයක් විතර හිටියා. නිවසේ හිටපු මහත්තයා පළවෙනි තට්ටුවේ ෆෝන් එක ඔබ ඔබ හිටියා. එතකොට වෙලාව මට හරියට මතක නෑ. කපිල මහත්තයාට නිදා ගන්න ලෑස්ති කරේ බබාගේ කාමරය. මැඩම් රෑ 10 විතර කෝල් කරලා කාමරය අස් කරන්න කිව්වා. මම කාමරය අස් කරලා වීදුරු ජෝග්ගුවකුයි වීදුරුව කුයි තිබ්බ. වෙන මොකුත් තිබ්බේ නැහැ. මම ඊට පස්සේ නිදා ගන්න ගියා. ඒ මහත්තයා පල්ලෙහා අපේ සර් එක්ක පල්ලෙහා හිටියා. තවත් සර් කෙනෙක් හිටියා.
ඩී වී ආර් යන්ත්‍රය පටිගත නොවීම ගැන කියන්න බැහැ
අරවින්ද සිල්වා ගේ නිවෙස් සීසීටීවී පද්ධතිය ස්ථාපති කළ ෆෙන්ටන්ස් ආයතනයේ ව්‍යපෘති ප්‍රධානි එස්. එච්. ක්‍රිෂාන් කමලසිරි (57)
''සීසීටීවී දර්ශනවලට අදාළව වයරින් ඒක සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න. අරවින්ද මහත්තයා ගේ ගෙදර වයරින් කරලා කැමරා පහක් සවි කරා. මම දැනට ව්‍යාපාති ප්‍රධානි. 2021 මැයි මාසයේ සහකාර ඉංජිනේරු ලෙස සිටිය දී සවි කරේ. මම ජර්මන් ටෙක් පාඨමාලා හදාරලා තියෙනවා. ආයතන නෙට් වර්ක් පාඨමාලා හදාරලා තියෙනවා. වසර 38 සේවය කරනවා. ඉලෙක්ට්‍රිකල් අලුත්වැඩියාවක් දී තමයි අලුතෙන් කැමරා පොයින්ට් එකක් දාලා තිබුණා. කැමරා හතර අයින් කරලා අලුත් කැමරා පහක් දැම්මා. පරණ කැමරා වෙන ආයතනයකින් සවි කර තිබුණේ. අලුතෙන් හදපු බුදු මැදුරට සහ එන්ට්‍රන්ස්වලට තිබුණ අනෙක් කැමරා සවි කරා. 2021 හත්වන මාසයේ සවි කරේ. ටෙක්නීෂියන් සමන් ගියා. මමත් සැරින් සැරේට ගියා. ඩීවීආර් එක අලුතෙන් දැමීම සමන් විසින්. මගේ යටතේ ඉන්න නෙට්වර්ක් ඉංජිනේරු ඉදුනිල් බණ්ඩාර යටතේ තමයි සවි කරේ. අපි සවි කර අය පසු ප්‍රසන්න කියන කෙනාට පෙන්නුවා. දැනට එයා නැහැ. රෙකෝඩින් වෙන බව පෙන්නුවා. රෙකෝඩින් මාසයක් කාලයකට තමයි තිබුණේ. නඩත්තු කරන්න ඇග්‍රිමන්ට් එකක් අත්සන් කෙරේ නැහැ. අරවින්ද මහත්තයා කිව්වේ සවි කර දෙන්න කියලා. වෙන ගිවිසුම්වලට ගියේ නැහැ. වසරකට විතර පස්සෙ ප්‍රසන්න එලාම් එකක් එනවා කිව්වා. එතකොට සමන් යැව්වා. ඒ වෙලාවේ හාඩ් ඩිස්ක් එක මැසේජ් වෙලා තිබුණා. අයි ටී ගැලරි සමාගමෙන් ඒක මාරු කරලා දුන්නා. හාඩි ඩිස්ක් එකේ වර්ගය ගැන මට මතකයක් නෑ. දත්ත ගබඩා වෙන බවට නැවතත් ප්‍රසන්න කියන කෙනාට පෙන්නුවා. එතකොට දත්ත ගබඩා වුණා. 2022 හෝ 2023 වසරවල මාරු කරා කියලා මතකයි. ඩීවීආර් යන්ත්‍රයේ දිනය ගහලා තියෙනවා. නැවත අරවින්ද මහත්තයා මට කතා කරලා කිචන් එකේ මොනිටරය ඩැමේජ් වෙලා කියලා කිව්වා. ඒයාම ගෙනත් දුන්නා. මාරු කරලා දුන්නා. හාඩ් ඩිස්ක් එක මාරු කරාට පස්සේ මේ දේ කරලා දුන්නා. ඩී වී ආර් යන්ත්‍රය පටිගත නොවීම ගැන කියන්න බැහැ. මම පරීක්ෂා කරේ නැහැ.
මහේස්ත්‍රාත්වරයා: නිවසේ කැමරා කීයක් තියෙනවද?
සාක්ෂීකරු: පහක් තියෙනවා.
මහේස්ත්‍රාත්වරයා: ආරක්ෂිත කැමරා ජංගම දුරකථනයෙන් බලන්න පහසුකම් තිබුණද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 තෙක් කල් තැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
